Toxic අසාර්ථකයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 11, 2026

Toxic අසාර්ථකයි

යෂ්ගේ රංගනයෙන් හැඩවුණු, ගීතු මෝහන්ඩාස් අධ්‍යක්ෂණය කළ ටොක්සික් (Toxic) චිත්‍රපටය ඉන්දියානු සිනමා ඉතිහාසයේ වාර්තාගත වැඩිම අලාභය ලැබූ සිනමා නිර්මාණය බවට පත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.

මීට පෙර, මෙලෙස වැඩිම අලාභය ලැබූ සිනමා නිර්මාණය බවට පත්වූයේ ප්‍රභාස් ප්‍රධාන චරිතය නිරූපණය කළ 'ආදිපුරුෂ්' (Adipurush) ය. 

අගෝස්තු මස 26 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සඳහා රූගත කිරීම් ප්‍රමාද වීම් සහ යළි රූගත කිරීම් (reshoots) හේතුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 500ත් 800ත් අතර අධික පිරිවැයක් දරා තිබේ. 

 අපේක්ෂිත මට්ටම කරා ළඟා වීමට අපොහොසත් වීම හේතුවෙන් වර්තමානය වන විට ලොව පුරා සමස්ත ආදායම රුපියල් කෝටි 337ක් වැනි සීමාවක සිරවී තිබේ. සිනමා වෙළඳ විශ්ලේෂකයන්ගේ ගණනය කිරීම්වලට අනුව, මෙම චිත්‍රපටයේ සමස්ත පාඩුව ඉදිරියේදී ඉන්දියානු රුපියල් කෝටි 300ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. 

චිත්‍රපටය ආරම්භයේදී යම් ප්‍රබල ආදායමක් වාර්තා කළ ද, ලැබුණු දුර්වල ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවේ එහි ආදායම් මාර්ගය සීඝ්‍රයෙන් පහත වැටුණි. අපේක්ෂිත මිලකට ඩිජිටල් විකාශන අයිතිය (Digital Rights) අලෙවි කරගැනීමට නොහැකි වීම ද මෙම දැවැන්ත මූල්‍ය අලාභයට ප්‍රබල ලෙස බලපෑ බව පැවැසෙයි. 

විශේෂයෙන්ම චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපත සඳහා මුළු ඉන්දියාවෙන්ම අලෙවි වී ඇත්තේ ප්‍රවේශ පත්‍ර 450ක් පමණක් වන අතර, එයින් ලැබී ඇත්තේ රුපියල් ලක්ෂයකට ආසන්න ඉතා සුළු ආදායමකි. 

මෑත කාලීනව ඉන්දීය සිනමාව තුළ විශාලතම පාඩු ලැබූ ප්‍රධාන චිත්‍රපට ලැයිස්තුව පහත පරිදි දැක්වේ: 

• Toxic (2026) – ඉන්දියානු රුපියල් කෝටි 300 
• Adipurush (2023) – ඉන්දියානු රුපියල් කෝටි 200 – 225 
• Indian 2 (2024) – ඉන්දියානු රුපියල් කෝටි 170 
• War 2 (2025) – ඉන්දියානු රුපියල් කෝටි 150 
• Kanguva (2024) – ඉන්දියානු රුපියල් කෝටි 135 
•Radhe Shyam (2022) – ඉන්දියානු රුපියල් කෝටි 125 
• Game Changer (2025) – ඉන්දියානු රුපියල් කෝටි 120

Classified_Ad