මමිතා බයිජු හදිසියේම රෝහලට‍ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Sep 4, 2026

මමිතා බයිජු හදිසියේම රෝහලට‍

දිනෙන් දින ජනප්‍රිය වන මලයාලම් රංගන ශිල්පිනී මමිතා බයිජු හදිසියේ රෝහල්ගත කෙරුණු බව පැවැසෙයි. ඒ, තද උණ සහ ඇගපත වේදනාව නිසාය. හදිසි අසනීප තත්ත්වය හේතුවෙන් ඇයගේ ඉදිරි සියලු කටයුතු අවලංගු වනු ඇතැයි පැවැසෙයි. 

ඕස්ට්‍රේලියාවේ 'Clyde Malayali Association' මගින් සංවිධානය කර තිබූ ඕනම් (Onam) සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වීමට නියමිතව සිටියේ මමිතායි. කෙසේ නමුත් අසනීප තත්ත්වය හේතුවෙන්, ඕස්ට්‍රේලියා ගමන අවලංගු කිරීමට සිදු වි ඇත. 

ඒ පිළිබඳව කණගාටුව පළ කරමින් බයිජු රෝහලේ සිට විශේෂ වීඩියෝ පණිවිඩයක් ද නිකුත් කර ඇත. සුවය ලැබූ සැණින්, ඕස්ට්‍රේලියානු රසික රසිකාවියන් හමුවීමට පැමිණෙන බව ඇය එම වීඩියෝ පණිවුඩය හරහා පොරොන්දුවක් ද දුන්නාය. මමිතා බයිජු නොපැමිණෙන බැවින්, සංවිධායකයන් අදාළ උත්සවය වෙනත් දිනයකට කල් දැමීමට තීරණය කර ඇත. 

මමිතා රෝහල්ගතව සිටින පුවතත් සමගම ඇය සම්බන්ධ පැරණි සම්මුඛ සාකච්ඡාවක්ද නැවතත් සමාජ මාධ්‍ය පුරා දැඩි ලෙස කතාබහට ලක් වෙමින් පවතී. ඒ, ධනුෂ් ප්‍රධාන චරිතය රඟපාන කාරා (Kara) දෙමළ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය සඳහා ඇය තෝරා ගැනීම සම්බන්ධයෙන් පැවැති සංවාදයක් මුල්කොට ගනිමිනි. 

 දෙමළ චිත්‍රපට සඳහා මලයාලම් නිළියන් යොදා ගැනීම පිළිබඳව නැගුණු ප්‍රශ්න හමුවේ අදහස් දැක්වූ මමිතා පවසා තිබුණේ, රංගන ශිල්පිනියක ලෙස විවිධ චරිත ඔස්සේ ඉදිරියට යෑම තමන්ගේ වගකීමක් බවත්, තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම සාධාරණයක් ඉටු කිරීම සිය අභිප්‍රාය බවත්ය. 

චිත්‍රපටයේ අධ්‍යක්ෂ විග්නේෂ් රාජා ද මමිතාගේ තෝරා ගැනීම සාධාරණීකරණය කරමින් පවසා සිටියේ, අදාළ චරිතය සඳහා තරුණියන් 20-25 කගේ පමණ තිර පරීක්ෂණ (auditions) පැවැත්වූ බවත්, ඉන් සුවිශේෂී රංගන කෞශල්‍යයක් පෙන්වූයේ මමිතා පමණක් බවත්ය. එය හුදෙක් දක්ෂතාවය මත පදනම්ව ගත් කලාත්මක තීරණයක් මිස අනෙකක් නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ. 

මේ වනවිට ආදරණීය මමිතා බයිජුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලොව පුරා සිටින ඇගේ රසික රසිකාවියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් සිටිති. 

NDTV

Classified_Ad