විකෘතිය නවසීලන්තයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 25, 2021

විකෘතිය නවසීලන්තයට

යුරෝපයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටි 56 හැවිරිදි කාන්තාවක්, ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගත් බවත්, මෙම කාන්තාවට ආසාදනය වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනාගත් ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘති ප්‍රභේදය බවත් නවසීලන්ත සෞඛ්‍ය බලධාරීමු පවසති.

යුරෝපයේ සිට පැමිණි මෙම කාන්තාව ගුවන්තොටුපොළෙන් කෙළින්ම ඕක්ලන්ඩ් නුවර නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක හෝටලයකට යැවීම සිදුවී තිබේ. 

ඒ, නවසීලන්තයේ ක්‍රියාත්මක ආරක්ෂිත වැඩපිළිවෙළට අනුවය. ඇය කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ දින 10 කට පසු ඇය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේදීය. 

නව වයිරස ප්‍රභේදය ඇයගෙන් නවසීලන්ත සමාජයට පැතිරීමේ අවදානමක් නොමැති බව නවසීලන්ත සෞඛ්‍ය අමත්‍යාංශය තහවුරු කර තිබේ. 

මිලියන 5 ක ජනගහනයක් වෙසෙන නවසීලන්තයේ මේ වනවිට සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 1,927 කි. මරණ වාර්තා වී ඇත්තේ 25 ක් ලෙසය. 

නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් ප්‍රමුඛ රජය වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට ගත් පියවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසැසුමට හේතුවක් වී තිබේ. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom