ආදාහනය එපා! - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 26, 2021

ආදාහනය එපා!

කොවිඩ් -19 වයිරසය ආසාදනයවී මිය යන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිතයින් වන අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් මෙම ඉල්ලීම සිදු කර ඇත.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ එම විශේෂඥයින් සිව්දෙනා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොවිඩ් මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට පටහැනි බවය. 

එසේම කොවිඩ් ආසාදිත හෝ සැක කෙරෙන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස ශ්‍රී ලංකා රජය විසින් සැලකුව ද එම සිරුරු මිහිදන් කිරීමෙන් වෛරස ව්‍යාප්තිය ඉහළ යන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිදු රටකින් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවද එම එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් පෙන්වා දෙති. 

කොරෝනා ආසාදිත මෘතදේහ සියල්ලම ආදාහනය කිරීමේ ශ‍්‍රී ලංකා රජයේ තීරණය හෙළා දකින බවත් , කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේ මෘත දේහ ශ්‍රී ලංකාව තුළ ඒ ආකාරයෙන් ආදාහනය අනිවාර්ය කිරීමෙන් ජාතීන් අතර සුහදත්වයට බාධාවක් ඇතිවීම මෙන්ම එය මානව හිමිකම් කඩ කිරීමක් ද වන බවයි එම නිවේදනයේ සඳහන් වේ. 

ඇතැම් අවස්ථාවලදී අදාල වාර්තා වල නිරවද්‍යතාව තහවුරු කිරීමට පවා කාලයක් ඉතිරි නොකොට අදාල ආදාහන කටයුතු සිදුකිරීම් ගැනද මෙම කමිටුව අවධානය යොමුකර ඇත. 

එලෙස කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ දේහයන් සියල්ල ආදාහනය නතර කරන ලෙස ලක් රජයෙන් දැඩිව ඉල්ලා සිටින්නේ යැයිද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom