September 07, 2026

2019 වසරේ දී බෙසොස්ගෙන් දික්කසාද වූ මැකෙන්සි , ‘යීල්ඩ් ගිවිං’ නමැති පුණ්‍යායතය ආරම්භ කර ඇත. ඉගෙනීමට දක්ෂ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබා දීම පවා මෙම පුණ්‍යායතනය මගින් සිදුවෙයි.
විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ, මැකෙන්සි, ‘යීල්ඩ් ගිවිං’ පුණ්‍යායතනය හරහා ඇමෙරිකන් ඩොලර් බිලියන ගණන් පරිත්‍යාග කරන බව පැවැසෙයි.
ඇමෙරිකාවේ ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සගරාවට අනුව, ඉකුත් 2025 වසරේ පමණක් මැකෙන්සි ස්කොට්, ‘යීල්ඩ් ගිවිං’ හරහා පරිත්‍යාග කළ මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 26.4 ඉක්මවයි.
මැකෙන්සි ස්කොට් කතුවරියක ද වෙයි. ඇය වසර 25ක් ජෙෆ් බෙසෝස්ගේ බිරිඳ වී සිටියාය. 2019 වසරේ ඇය, බෙසෝස්ගෙන් දික්කසාද වෙද්දී, ‘ඇමසන්’ සමාගමේ සියයට 4 ක කොටස් ද හිමිවිය.
CNN




















































