උපන් දිනය දා රෂ්මිකා වැඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 5, 2021

උපන් දිනය දා රෂ්මිකා වැඩ

තෙලිගු සහ කණ්ණඩ චිත්‍රපට හරහා රසික හදවත් දිනූ සුරූපී නිළි රෂ්මිකා මන්දනා අද (5) ඇගේ 26 වැනි උපන් දිනය සමරයි. 

රෂ්මිකා උපත ලබා ඇත්තේ 1996 අප්‍රේල් 5 වැනිදාය. ඒ, කර්ණාටක ප්‍රාන්තයේ විරාජ්පෙත් නගරයේය. 

සිනමා ලෝලීන් විශේෂයෙන් තරුණයක් උමතු ලෙසින් ආදරය කරන නිළියක් ලෙස රෂ්මිකා ප්‍රකටය. මාධ්‍ය ඇය හඳුන්වන්නේ 'කර්ණාටක ක්‍රෂ්' යනුවෙනි. 
වෙනදා මෙන් නොව, මෙවර උපන් දිනය දා එනම් අද තමන් අධ්‍යක්ෂ විකාස් බාල්ගේ 'ගුඩ්බායි' චිත්‍රපටයේ රූගත කිරීම්වල යෙදෙන බවත්, අද දිනය වැඩ කරන උපන් දිනයක් බවත් රෂ්මිකා පවසා ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

'උපන් දිනය කියා වෙනසක් නැහැ. විශේෂයක් නැහැ. මා වඩාත් ම ආසා දේ කරනවා. ඒ තමයි රඟපෑම.' යැයි රෂ්මිකාගේ ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයේ සඳහන් වී තිබේ. 
මේ වනවිට රෂ්මිකාගේ නවතම සිනමාපටය එළිදක්වා ඇත. එය 'සුල්තාන්' ය. මෙය රෂ්මිකාගේ ප්‍රථම දෙමළ සිනමා පටය වීම විශේෂත්වයකි. 

රෂ්මිකාගේ රිදී තිරයට පිවිසුණේ 2016 දී 'කිරික් පාටි' කණ්ණඩ චිත්‍රපටයෙනි. 2017 දී රෂ්මිකා ප්‍රධාන චරික නිරූපණය කළ 'අන්ජානි පුත්‍ර' සහ 'චමක්' සාර්ථක වාණිජමය චිත්‍රපට විය. 
ඇය තෙලිගු සිනමාවට පිවිසියේ 2018 වසරේ 'චලෝ' චිත්‍රපටයෙනි. එම වසරේ ම රෂ්මිකා රංගනයෙන් දායක වූ 'ගීතා ගෝවින්දම්' ප්‍රහසන චිත්‍රපටයෙන් පසු තෙලිගු සිනමාවේ වැඩිම ආදායමක් උපයන නිළියක බවට රෂ්මිකා පත් වූවාය. 

ටයිම්ස් ඔෆ් ඉන්දියා

Classified_Ad

Classified_Ad_News_Bottom