ඊජිප්තුවේ මමී පෙරහරක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 4, 2021

ඊජිප්තුවේ මමී පෙරහරක්

එදා මෙදා තුර සොයා ගන්නා ලද මමී ඊජිප්තුවේ අලුතින් ඉදි කළ 'ජාතික කෞතුකාගාරයට' රැගෙන යෑම සිදුවිය. ඒ, ඉතා අලංකාර, ගාම්භීර පෙරහරකිනි. 

කයිරෝ නුවර කෞතුකාගාරවල ප්‍රදර්ශනයට තබා තිබුණු මිසරයේ (පුරාණ ඊජිප්තුව) පාරාවන් (රජවරුන්) 18 දෙනකුගේ සහ රැජිනියන් සිවු දෙනකුගේ මමී මෙසේ මහ පෙරහරකින් නව කෞතුකාගාරය වෙත ගෙන යෑම සිදුවිය. 

මමී ප්‍රවාහනය සිදුවූයේ විශේෂයෙන් සකසන ලද ට්‍රක් රථවලිනි. ඒ ඒ මමී කාගේදැයි යන්න රථයේ ඉදිරිපස සඳහන් කෙරුණි.

අශ්වාරෝහක බලඇණියක් ද කාලතුවක්කු වෙඩි මුර ද පෙරහරට ඇතුළත් විය. පෙරහර කිලෝ මීටර් 7 ක දුරක් වීදි සංචාරය කරමින් 'ජාතික කෞතුකාගාරයට පැමිණි බව පැවැසෙයි. 

 මිසර සංස්කෘතිය පිළිඹිබු කෙරෙන මමී ඇතුළු සියලු පුරා වස්තු එක් තැනක ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ජපන් ආධාර ඇතිව ඊජිප්තු රජය මෙම නව කෞතුකාගාරය ඉදිකර තිබේ. 

ඊයේ (3) රාත්‍රියේ කයිරෝ අගනුවර වර්ණවත් කරමින් පැවැති මෙම පෙරහැර සහ ඊට ඇතුළත් සංස්කෘතික අංග සඳහා වැය වුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන ගණනක් යැයි අල් ජසීරා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි. 

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom