ජිල් බයිඩන් ඔලිම්පික් යයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 23, 2021

ජිල් බයිඩන් ඔලිම්පික් යයි

ඔලිම්පික් උලෙළට සභාගීවන ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කණ්ඩායම පිරිවරා ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ද ටෝකියෝ අගනුවර බලා ගොස් සිටී. 

ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය 2020 වසරේය. 'කොවිඩ් 19' වසංගතය ඊට හරස් වුණු බැවින් එය මෙම 2021 වසරේ පැවැත්වීමට කටයුතු යෙදුණු අතර, ඔලිම්පික් උළෙලේ සමාරම්භක උළෙල අද (23) ඇරැඹේ. 

 'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙල පැවැත්වෙන්නේ නරඹන්නන් නොමැතිවය. සියලු ක්‍රීඩා ඉසව් සජීවීව රූපවාහිනී සහ වෙබ් නාළිකා ඔස්සේ විකාශය කෙරේ. 

ඔලිම්පික් උළෙලක් කල් දැමීම සහ නරඹන්නන් නොමැතිව තරග පැවැත්වීම සිදුවන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය යැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

මුහුණු ආවරණ පැලඳ ජිල් බයිඩන් ඇතුළු ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායම යොකෝඩා ගුවන් හමුදා කඳවුරට පැමිණි අවස්ථාවේදී ඔවුන් පිළිගැනීමට ජපාන විදේශ ඇමැති එහි ගොස් සිටියේය.

෴  උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom