මැඩගස්කර් ජනපති මරන්න හදලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 23, 2021

මැඩගස්කර් ජනපති මරන්න හදලා

මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත්, ඔවුන් අතර විදේශිකයන් කිහිප දෙනකු ද සිටින බවත් මැඩගස්කර් නීතිපති බර්තීන් රසාෆිරිවොනි මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

පිරිස අත්අඩංගුවට ගනිමින්, ජනාධිපති ඝාතන සැලැස්ම ව්‍යර්ථ කිරීමට හැකිවූයේ ජාතික ආක්ෂාව සම්බන්ධයෙන්, පොලිසිය සිදු කළ පුළුල් විමර්ශනයකින් පසුව යැයි ද නීතිපතිවරයා පැහැදිලි කර තිබේ. 

ඝාතන සැලැස්ම ව්‍යර්ථ කරමින්, ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලැසුම් කළ සියලු දෙනා අල්ලා ගැනීමට ද පොලිසිය සමත් වූ බව නීතිපතිවරයා පැහැදිලි කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. 

 සැකකරුවන් ජනාධිපතිවරයා පමණක් නොව, මැඩගස්කරයේ ඉහළ පෙළේ දේශපාලනඥයන් කීප දෙනකු ද ඝාතනය කිරීමට සැලැසුම් කර ඇතැයි ද පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වූ බව නීතිපති බර්තීන් රසාෆිරිවොනි වැඩි දුරටත් පවසා තිබේ. 

අත්අඩංගුවට ගත් විදේශ සැකකරුවන් කුමන රටවල පුද්ගලයන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. ඊට අමතරව, ජනාධිපති ඇන්ඩ්‍රි රජෝලිනා සහ දේශපාලනඥයන් ඝාතනය කිරීමට සැලැසුම් කර තිබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද විස්තර මාධ්‍ය වෙත නිකුත් කර නැත.

මැඩගස්කරය නිදහස් දිනය සමරන්නේ ජූනි 26 වැනිදාය. පසුගිය ජූනි 26 වැනිදා මැඩගස්කර් හමුදාපති රවාලෝමැනානා ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ද ව්‍යර්ථ විය. ඒ ආරක්ෂක අංශ මැදිහත් වීමෙනි. එම සිදුවීමෙන් පසු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රැසක් නිර්මාණය විය.

පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කළේ ඒ අනුවය. ජනාධිපතිවරයා සහ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් ඝාතනය කිරීමට සැලැසුම් සකස් කර ඇති බව අනාවරණය වූයේ එම විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙසය. 

මැඩගස්කරය යනු ඉන්දීය සාගරයේ පිහිටි අප්‍රිකා මහද්වීපයට යාබද දූපත් රාජ්‍යයකි. මැඩගස්කරයේ ජනගහනය මිලියන 26.97 කි. විවිධ ආගම් අදහන වාර්ගික ජනකොටස් රැසක් මැඩගස්කරයේ ජීවත් වෙති. මැඩගස්කර ව්‍යවස්ථාධායකය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් සහ සෛනට් මණ්ඩලයකින් සමන්විතය. අතීතයේ මැඩගස්කරය ප්‍රංශ යටත් විජිතයක් ලෙස පැවැතිණි.

2009 සිට 2014 තෙක් කාලයේ මැඩගස්කරයේ ජනාධිපති ලෙස කටයුතු කළේ ද ඇන්ඩ්‍රි රජෝලිනා ය. කෙසේ නසුත් 2014 දී හමුදාව කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත්තේය. 

සිවිල් පාලනයක් සඳහා ජනාධිපතිවරණයක් පවත්වනතුරු රවාලෝමැනානා අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කළේය. 2019 දී ජනාධිපතිවරණය පැවැත්වුණු අතර, ඊට සහභාගී වූ ඇන්ඩ්‍රි රජෝලිනා එයින් ජයග්‍රහණය කළේය.

෴ උපුටා ගැනීම - AlJazeera

Classified_Ad

Classified_Ad_News_Bottom