ශ්‍රී ලංකා කණ්ඩායමට ජය - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 24, 2021

ශ්‍රී ලංකා කණ්ඩායමට ජය

අකිල ධනංජය සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනා සමග එක්වූ අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්‍ෂ ඊයේ (23) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක ජයක් කරා කැඳවාගෙන ගියහ. 

ඉන්දීය ඉනිම ලකුණු 225 කට සීමා කිරීමෙන් පසුව පහසු ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 39 ක් නිමාවේදී ජයටැඹ පසු කළහ. 

වරෙක කඩුලු 3 කට ලකුණු 194 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරා යන ආකාරයක් පෙනෙන්න තිබුණත්, පා දඟ පන්දු යවන්නා වූ රාහුල් චහාර්ගේ පන්දු යැවීම හමුවේ කඩුලු 3 ක් බිඳ වැටිණි. 

කෙසේ නමුත් පීඩනය හමුවේ දක්ෂ ලෙස චහාර්ට මුහුණ දුන් අකිල ධනංජය සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායම ජය ග්‍රහණය කරා රැගෙන ගියහ. 

 විශිෂ්ට පිතිහරඹයක යෙදුණු අවිශ්ක ප්‍රනාන්දු, ලකුණු 76 ක් ලබාගත්තේ පන්දු 98 කින් 4 ක් හතරේ සීමාවට යවමිනි. ඉතාමත් පහසුවෙන් ලබාගත හැකිව තිබූ ශතකය කරා යාම පසෙක තබා, සෙසු පිතිකරුවන් සමග සම්බන්ධතා ගොඩනැංවීමට උත්සුක වූ අවිශ්කගේ ඉනිම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ රහස විය.

Classified_Ad

Classified_Ad_News_Bottom