චීන වෙළෙඳපොළට පිවිසීමට වරම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 24, 2021

චීන වෙළෙඳපොළට පිවිසීමට වරම්

ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන ඇත. 

ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථාවන් ගවේෂණය කිරීම සඳහා මෙම වේදිකාව මඟින් අනාගත ආයෝජකයින් දිරිමත් කරනු ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 

තානාපති ආචාර්ය පාලිත කොහොන සහ සීමාසහිත හයිරොං ටෙක්නොලොජි හි සාමාන්‍යාධිකාරී ජෝන් පෑන් මහතා විසින් මෙම වේදිකාව නිල වශයෙන් දියත් කරන ලදි.

ආයෝජන සඳහා පළමු තේරීම ලෙස ශ්‍රී ලංකාව පිළිබඳව සලකා බලන ලෙස ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීන ආයෝජකයින්ට ආරාධනා කළේය. 

කොළඹ වරාය නගරය, හම්බන්තොට කාර්මික කලාපය, එරාවූර් රෙදිපිළි උද්‍යානය සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් නිදහස් වෙළඳ කලාපයන්හි පවතින නව අවස්ථා පිළිබඳව සලකා බලන ලෙසද ශ්‍රී ලංකා තානාපතිවරයා ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය. රජයේ බදු ප්‍රතිපත්තිය, විශේෂයෙන් ආයතනික බදු, ආයෝජන ආරක්ෂාව සඳහා වන නීතිමය සහතික ආදියද තානාපතිවරයා රැස්ව සිටි පිරිසට පැහැදිලි කළේය.

සීමාසහිත හයිරොං ටෙක්නොලොජි සමාගමේ ද සහය ඇතිව එහි මූලික ආරම්භයක් ලෙස ආයෝජන ප්‍රවර්ධන සම්මන්ත්‍රණයක් ඉකුත්දා බෙයිජීං නුවරදී පැවැත්විණ චීනයේ රාජ්‍ය හිමිකාර ව්‍යාපාරවල සභාපතිවරුන් සහ පෞද්ගලික සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් මෙහි ආරාධිතයින්ට ඇතුළත් විය. 

සයිනෝෆාම් එන්නත සමඟ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කර ඇති එන්නත් කිරීමේ වැඩසටහනත් සමඟ වසංගතය පාලනය කිරීමට හැකි බවත්, ශ්‍රී ලංකාව සෞඛ්‍ය මාර්ගෝලදේශන මාලාවට යටත්ව සංචාරකයින් පිළිගනු ඇතැයි තානාපතිවරයා පැවසීය. 

 තානාපතිවරයාගේ කතාවෙන් අනතුරුව ශ්‍රී ලංකා සංචාරක කටයුතු පිළිබඳ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරන ලදි. චයිනා මෙටලර්ජිකල් ගෲප් (MCC) හි උප සභාපති ෂු ෂියැංචුන් මහතා සහ හයිරොන්ග් ටෙක් හි සාමාන්‍යාධිකාරී ජොන් පෑන් මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

෴ තිළිණි ද සිල්වා
උපුටා ගැනීම - ලංකාදීප මැදපෙරදිග

Classified_Ad

Classified_Ad_News_Bottom