සනීගේ අලුත් කැදැල්ල - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 16, 2021

සනීගේ අලුත් කැදැල්ල

සනී ලියොන් ගැන අලුත් ආරංචියක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ, ඇය සැමියා ඩැනියෙල් වෙබර් සහ දරු පැටවුන් තිදෙනා ද සමඟ අලුත් නිවසක පදිංචියට යෑමය. 

සනී සහ ඩැනියෙල් යුවල මෙම අලුත් නිවස මිලදී ගෙන ඇත්තේ මුම්බායි නුවරිනි. 

සැමියා ඩැනියෙල් සහ දරු පැටවුන් ද සමඟ සනී ලියොන් නිවසේ පදිංචියට යන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් මේ වනවිට සනී ලියොන්ගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමේ පළ වී තිබේ. 

ඩැනියෙල්, සනී ලියොන් වඩාගෙන නිවසට ඇතුළුවන අයුරු එම ඡායාරූපවලින් දකින්න ලැබේ. 

'අපි අපේ ඉන්දියාවේ ගත කරන ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කළා' යැයි සනී ලියොන් සටහනක් ද යොදා තිබේ. ඩැනියෙල් සහ සනී ලියොන් ඇමෙරිකන් පුවරවැසියන් ද වන අතර, ඇමෙරිකාවේ ඔවුන්ට නිවහනක් ඇත.

NDTV

Classified_Ad