Luxembourg සබඳතා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 16, 2021

Luxembourg සබඳතා

අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන නව ක්ෂේත්‍රයන් සදහා ශ්‍රී ලංකාව හා ලක්සම්බර්ගය අතර ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමට දෙරට්ම විදේශ අමාත්‍යවරුන් දෙළ එකඟ වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 

ශ්‍රී ලංකාව හා ලක්සම්බර්ගය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍ය ජීන් ඇසෙල්බෝන් යන මහත්වරු, පසුගිය දා වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වී මෙම එකගතාවට එළැඹි බවද එම අමාත්‍යාංශය කියා සිටියහ.

ලක්සම්බර්ග් හි විදේශ අමාත්‍යවරයා 2020 ජනවාරි ශ්‍රී ලංකාවෙහි නිරත වූ පළමු නිල සංචාරයේ පසු විපරමක් ලෙස අමාත්‍යවරුන් දෙදෙනා අතර මෙම සාකච්ඡාව පවත්වා ඇත. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානයෙහි ප්‍රගතිය, කොවිඩ්-19 එන්නත් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ආධාර සහ බහුපාර්ශ්වීය ආයතන සමඟ සහයෝගීතාව පිළිබඳව ලක්සම්බර්ග් හි විදේශ කටයුතු අමාත්‍යවරයාට විස්තර කළේය. 

මෙම සාකච්ඡාවේ දී 2022 වසරේ දී එළඹෙන ශ්‍රී ලංකාව සහ ලක්සම්බර්ග් අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා 50 වැනි සංවත්සර නිමිත්තෙන් දෙරටේ සූදානම පිළිබදවද අවධානය යොමු කර ඇත. මෙම සුවිශේෂී සංවත්සරය ලබන වසරේ දී සුදුසු පරිදි දෙරටේ දීම සැමරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනා මෙහිදී එකඟ වූහ. 

ඔවුන් අතර පැවති සුහද සාකච්ඡාවේ දී, අමාත්‍යවරුන් දෙදෙනා ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළ අතර, විශේෂයෙන් මූල්‍ය අංශයේ, තිරසාර හා හරිත බැඳුම්කර මූල්‍යකරණය, වෙළඳ හා ආයෝජන, ගුවන් සම්බන්ධතාවය, සේවා නියුක්තිය සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරමින්, වැඩි දියුණු කළ ආර්ථික සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළහ.

Classified_Ad

Classified_Ad_News_Bottom