නර්තන ශිල්පිණියක්-නිරූපිකාවක්-ව්‍යවසායිකාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Jul 30, 2022

නර්තන ශිල්පිණියක්-නිරූපිකාවක්-ව්‍යවසායිකාවක්

sample-ad-complete-big
වෘත්තිය මට්ටමේ නර්තන ශිල්පිණියක් ලෙස කටයුතු කරන ඇය අංජුනි හෙට්ටිආරච්චි ය. නර්තන ශිල්පිණියක පමණක් නොව, ඇය නිරූපිකාවක් ලෙස ද කටයුතු කරයි. පසුගිය වසරවලදී රූපරාජිණි තරග කිහිපයකටද එක්ව ජයග්‍රහණ ලබාගන්නට ද ඇය සමත් වූවාය. මේ 'සාරවිට' වෙබ් අඩවිය අංජුනි සමඟ දොඩමලු වූ අයුරුය.
image_76ed3af631
image_e9bcc85b5b
අංජුනි කියන්නේ කවුද? 
අංජුනී කියන්නේ ඩාන්සර් කෙනෙක්. මොඩ්ල් කෙනෙක්. ඒ වගේම ව්‍යවසායිකාවක්. ඒ වගේම දැනට විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහටත් කටයුතු කරන කෙනෙක්. 

ඔබ රූප රාජිණියක් නේද?
ඔව්. මම 2019 වර්ෂයේ Miss intercontinental Sri Lanka කියන international pageant එකේ 1st runner up වුණා. ඒ වගේම ඒ තරගයේ මම මිණි කිරූළු තුනක් ජයග්‍රහණය කරන්න සමත් වුණා. ඒවා තමා miss photogenic, miss elegant, miss congeniality. ඒ මගේ පළමු අත්දැකීම. රොසෑන් ඩයස් මහත්මිය තමා අපව පුහුණු කළේ. මම මොඩ්ලින් කරලා නැති කෙනෙක් වුණත් මම ලබපු ජයග්‍රහණය ගැන ගොඩක් සතුටු වුණා. ඒ ජයග්‍රහණයට යන්න මට ගොඩ දෙනෙක් උදව් කළා. 

නර්තන ශිල්පිණියක් වුණේ කොහොමද?
මම පොඩි කාලේ ඉදලම නර්තනය හැදෑරුවා. ඒ ආසාව නිසාම මගේ A/L වලින් පස්සේ මම චන්දන වික්‍රමසිංහ ගුරුපියානන්ගේ නර්තන කණ්ඩායමත් සමග සම්බන්ධ වුණා. ඒ තුළින් විදේශ සංචාර ගණනාවකට මට සහභාගි වෙන්න පුළුවන් වුණා. අවුරුදු 3ක් මම ඒ කණ්ඩායමේ හිටියා. වැඩිදුර අධ්‍යාපනය සදහා මම කණ්ඩායමෙන් ඉවත් වුණා. දැනට කැළණීය විශ්වවිද්‍යාලයේ නර්තනය සහ නාට්‍ය හා රංග කලාව සම්බන්ධ බාහිර උපාධියක් මම හදාරමින් සිටිනවා. 

නර්තන ශිල්පිණියක්, නිරූපිකාවක් විදිහට වැඩ කරන ඔබ රඟපාන්න ආස නැද්ද?
චිත්‍රපටයක රගපාන්න කැමැත්තක් තියෙනවා. බලමු හොඳ ආරාධනයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ ආරාධනාව මම භාරගන්නවා. 

ඔබ වෘත්තියක් විදිහට කරන්නේ කුමක්ද?
දැනට මම මගේම කියලා නිමි ඇදුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. නම Kamaaliya. මගෙ Shop එක තියෙන්නේ රාගම. 
image_72ce4a539d
image_5258d7ea2d
කලා ශිල්පිණියක් විදිහට දැන් ඔබව ගොඩ දෙනෙක් අඳුනනවාද?
ඩාන්සර් කෙනෙක් විදිහට මාව දැනගෙන හිටිය පිරිසට වඩා පිරිසක් මාව දැන් දන්නවා. පැජන්ට් ඒකෙන් පස්සේ ලැබුන photoshoots සහ ramp shows නිසා තමා මාව අඳුනගෙන තියෙන්නේ. එයාලගේ ආදරේ මට ගොඩක් වටිනවා ඉතින්. මම වැඩක් කළාම ඒ අයගේ අදහස් මැසේජ් එකකින් හරි මට එවනවා. ඒවා දකිද්දි ගොඩක් සතුටුයි. 

දිගටම කලාවත් සමග රැඳෙන්නද අදහස? 
ඔව්, අනිවාර්යයෙන්ම. කලාව කියන්නේ මගේ ජීවිතේ වගේ තමා. ඒ තරම් මම කලාවට ආදරේ කරන කෙනෙක්. 

උදව් කරපු අය ඉන්නවද ඔබට?
ගොඩක් දෙනෙක් උදව් කළා. ඉස්සෙල්ලම මගෙ අම්මා. එයා නැත්තම් ඉතින් මම වගේ කෙනෙක් නෑ. මම කරන්න කැමති දේ එයා මට කරන්න දුන්නා මගේ පිටිපස්සේන් ඉදන් මාව ආරක්ෂා කරගෙන. ඊට අමතරව මගේ ඩාන්සින් ගුරුවරයා චන්දන සර් සහ මට මොඩ්ලින් වලට උදව් කල මිසිස් රොසෑන් ඩයස් මට ගොඩක් උදව් කළා. ඊට අමතරව ගොඩක් දෙනෙක් ඉන්නවා නම් වලින් නොකිව්වත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ හැම කෙනෙක්ටම. 

෴ බුද්ධික සේනාධිර
උපුටා ගැනීම - සාරවිට

Classified_Ad