අප්‍රිකාවෙන් පිට වඳුරු උණ මරණ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jul 30, 2022

අප්‍රිකාවෙන් පිට වඳුරු උණ මරණ

අප්‍රිකාවෙන් පිට ‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් 'වදුරු පැපොල' මරණ වාර්තා වීමට පටන්ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙන් එක් මරණය බැගින් වාර්තා වන බවය.

‘වඳුරු උණ’ (මන්කිපොක්ස්) හෙවත් 'වදුරු පැපොල' වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ද ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට කටයුතු කර තිබේ.

මේ වනවිට රටවල් 75 කින් ‘වඳුරු උණ’ ආසාදිතයන් 17,000 කට වඩා වාර්තා වී තිබේ. ‘වඳුරු උණ’ බහුලව ව්‍යාප්ත වන්නේ යුරෝපා රටවලය. ස්පාඤ්ඤයේ දරුණු ලෙස ‘වඳුරු උණ’ ව්‍යාප්ත වෙයි. ස්පාඤ්ඤයෙන් වාර්තා වන 'වඳුරු උණ' ආසාදිතයන් ගණන 4,298 කි. එම ආසාදිතයන්ගෙන් 120 දෙනකු රෝහල්ගතව සිටින බව ද පැවැසෙයි. 

‘වඳුරු උණ’  යනු අප්‍රිකාවට පමණක් සීමා වූ වයිරසයකි. එය ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් වූයේ මෙම 2022 වසර මුලදීය. එසේ වසංගත තත්ත්වයක් නිර්මාණය වීමෙන් පසු මරණ වාර්තා වූයේ අප්‍රිකානු රටවලින් පමණි. වාර්තා වූ මරණ ගණන 5 කි.

‘වඳුරු උණ’ රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණ සහ සමේ බිබිලි මතුවීමය. ‘වඳුරු උණ’ බරපතල රෝගයක් නොවන අතර රෝගය ඉක්මනින් සුවවීම හෝ සංකූලතා ඇති වීම හෝ සිදුවන්නේ, සිරුරේ ප්‍රතිශක්තිය අනුවය. ‘වඳුරු උණ’ වයිරස ව්‍යාප්තිය බහුලව සිදුවන්නේ සමලිංගික පිරිමින් අතරේ යැයි ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් තහවුරු කර තිබේ.

‘වඳුරු උණ’ වයිරසයේ ප්‍රභේද දෙකකි. එයින් දරුණු ප්‍රභේදය ‘කොංගෝ’ ප්‍රභේදයයි. මෙය කොංගෝව ආශ්‍රිතව පළමුවෙන් හඳුනා ගැනීම සිදුවී තිබේ. අනෙක් ‘වඳුරු උණ’ ප්‍රභේදය වන්නේ ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ ප්‍රභේදයයි. මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමෙරිකාවේ පැතිරෙන්නේ මෙම ‘බටහිර අප්‍රිකා වඳුරු උණ’ බව තහවුරු වී අවසන්ය.

‘වඳුරු උණ’ වයිරසය පළමුවෙන් හඳුනා ගැණුනේ 1958 වසරේ දී අප්‍රිකානු වඳුරන්ගේ සිරුරුවලිනි. ‘වඳුරු උණ’ යනුවෙන් එය හැඳින්වෙන්නේ ද ඒ නිසාය. වඳුරන් පමණක් නොව, මීයන්, ඌරු මීයන්, ලේනුන් ආදී ක්ෂීරපායී සතුන් හරහා ද මෙම වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වෙයි.

ඇමෙරිකාවේ ද ‘වඳුරු උණ’ ව්‍යාප්තිය දරුණු බවත්, ඇමෙරිකන් රජය ‘වඳුරු උණ’ සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් ප්‍රාන්ත මට්ටමින් ලබා දීම ආරම්භ කර ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

‘වඳුරු උණ’ මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ බහුලව දකින්න ලැබෙන වයිරසයකි. මෙය පැපොල (චිකන් පොක්ස්) වලට සමානය. ‘වඳුරු උණ’වලින් ආරක්ෂා වීමට ලබා දෙන්නේ පැපොල වයිරසයෙන් ආරක්ෂාවීමට ලබා දෙන වර්ගයේ ප්‍රතිශක්තිකරණ එන්නතකි.

෴ උපුටා ගැනීම - CNN

Classified_Ad

Classified_Ad_News_Bottom