බ්‍රිස්බේන් නුවර ලොක්ඩවුන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 9, 2021

බ්‍රිස්බේන් නුවර ලොක්ඩවුන්

හෝටලයක පිරිසුදු කිරීමේ සේවිකාවක ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟ, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර, සති තුනක කාලයක් සඳහා වසා දැමුණි.

එම සේවිකාවගෙන් හමුවී ඇත්තේ, එංගලන්තයෙන් පළමු වරට හඳුනාගෙන, අද වනවිට ලෝකයේ රටවල් කීපයකට පැතිර ගිය ‘කොවිඩ් 19’ වයිරස ප්‍රභේදය යැයි පැවැසෙයි.

මෙම නව ප්‍රභේදය සාමාන්‍ය ‘කොවිඩ් 19’ වයිරසය මෙන් නොව, සියයට 70 ක සම්ප්‍රේෂණ වේගයකින් යුක්ත බව තහවුරු වී තිබේ. එයින් අදහස් වන්නේ වයිරස ඉතාමත් වේගයෙන් පැතිර යන බවය. බ්‍රිස්බේන්  අයත් වන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයටය. 
ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය ඇනෙස්ටාසිටා පැලස්සුක්, බ්‍රිස්බේන් සති 3 ක කාලයකට ලොක්ඩවුන් කරන බව නිවේදනය කළේ පිරිසුදු කිරීමේ සේවිකාව කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී පැය 16 ක් ගතවෙද්දීය.

ඒ.එෆ්.පී.

Classified_Ad

Classified_Ad_News_Bottom