කොවිඩ් අභියෝග ජයගන්න සවිමත් සබඳතා ඕනෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 21, 2021

කොවිඩ් අභියෝග ජයගන්න සවිමත් සබඳතා ඕනෑ

කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අනෝන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ඊයේ (20) උදෑසන ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු “ආසියාවේ අනාගතය” (The Future of Asia) පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා මෙසේ අවධාරණය කළේය. 

ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන් ද ජාතීන් අතර සබඳතා පුළුල් කර ගත යුතු බවත් ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලොව පුරා ආර්ථික ක්‍රිකාරකම්වලට ද විනාශකාරී බලපෑමක් එල්ල කර ඇති බවත් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

කිසිදු ජාතියක් සූදානම්ව නොසිටි, පෙර නොවූ විරු අභියෝගයක් නිර්මණය වී ඇති මෙහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බව ද ජනාධිපතිවරයා එම සමූළුව අමතමින් සඳහන් කළේය.

මේ අතර කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට එක්වන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ප්‍රජාවට ඇරයුම් කිරීමට අමතක නොකළේය.

Classified_Ad

Classified_Ad_News_Bottom