කියාරා ගැන මේ දේවල් දැන සිටියද? - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 21, 2021

කියාරා ගැන මේ දේවල් දැන සිටියද?

ඉන්දීය නළි කියාරා අද්වානී ගැන අප්‍රකට තොරතුරු රැසක් අනාවරණය කිරීමට ETimes පුවත් වෙබ් අඩවිය සමත් වී තිබේ. 

කියාරා අද්වානී රසික රසිකාවියන් බොහෝ දෙනකු මෙම පුවතට ප්‍රතිචාර දක්වා තිබුණේ 'ඇත්තටම අප මේ දේවල් මීට කලින් දැන සිටියේ නැහැ' යනුවෙනි. 

1992 ජූලි 31 ක උපන්, කියාරාගේ සැබෑ නම අලීයා අද්වානීය.

ඇය රංගනයට පිවිසෙද්දී, ආලියා නම කියාරා ලෙස වෙනස් කරන්නැයි උපදෙස් දී ඇත්තේ බොලිවුඩ් රජු සල්මාන් ඛාන් ය. ඒ ආලියා නමැති තවත් බොලිවුඩ් සුරූපිනියක් සිටින බැවිනි. ඇය ආලියා බාත් ය. 
කියාරාගේ මව ගිනවියේගේ කුඩා කළ මිතුරකු වූයේ සල්මාන් ඛාන්ය. 

ප්‍රවීණ රංගන ශිල්පී අශෝක් කුමාර්, කියාරාගේ ඥාතියෙකි. කියාරා පළමුවෙන් කැමරාවක් ඉදිරියේ රංගනයේ යෙදී ඇත්තේ මාස 8 ක් වෙද්දීය. ඒ මව ගිනවියේර් සමඟ සබන් වෙළෙඳ දැන්වීමකට පෙනී සිටිමිනි. 
කියාරා මුම්බායි හි 'ජයි හින්ද්' විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ උපාධිධාරිණියකි. 

කුඩා කළ සිටම තමන් බොලිවුඩයට ඇලුම් කළ බව කියාරා කියයි. 'කබි කුෂි කබි ගම්' චිත්‍රපටයේ දෙබස් ඇයට කටපාඩම්ය. 
රංගනයට පිවිසීමට පෙර, මව ගිනවියේර්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය පාසලක ගුරුවරියක ලෙස කියාරා රැකියාව කර තිබේ. 

තමන්ට ආභාෂයක් වූයේ ප්‍රියංකා චොප්රා යැයි කියාරා නිතරම කියයි. 

කියාරා නිවාඩුවට යෑමට වඩාත්ම කැමැති ස්ථානය නිව්යෝක් නගරයයි. තමන්ගේ 'ක්‍රෂ්' එක රිතික් රොෂාන් යැයි කියාරා පවසා තිබේ.

ETimes

Classified_Ad

Classified_Ad_News_Bottom