ශ්‍රී ලංකාව ගැන නව යෝජනාවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 15, 2022

ශ්‍රී ලංකාව ගැන නව යෝජනාවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම සහ ප්‍රතිසන්ධානය යන කරුණු මුල් කරගනිමින් මෙරට පිළිබඳ මූලික කණ්ඩායම නව යෝජනාවක් කෙටුම්පත් කර තිබෙන අතර එය ඊයේ (14) ප්‍රසිද්ධියට පත් කෙරුණි. 

ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව සහ මලාවි යන රටවල් මෙම මූලික කණ්ඩායමට අයත් වන අතර ආර්ථික අර්බුදයෙන් මානව හිමිකම්වලට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් ද කෙටුම්පත් කර තිබෙන මෙම යෝජනාවෙන් අවධානය යොමු කර තිබේ. 

ආහාර අනාරක්ෂිතතාව, උග්‍ර ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය සහ ගෘහ ඒකකවල ආදායම් අඩු වීම යනාදී කරුණු ද ඇතුළත් ආර්ථික අර්බුදයෙන් මානව හිමිකම්වලට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් මෙමඟින් අවධානය යොමු කර තිබෙන අතර දෛනික වැටුප් උපයන්නන්, දරුවන්, වැඩිහිටියන්, සහ ආබාධිත පුද්ගලයන් ඇතුළු වඩාත් ආන්තිකරණයට සහ වරප්‍රසාද නොලත් පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනයට කිරීමට පියවර ගත යුතු යැයි ද අදාළ යෝජනාවෙන් අවධාරණය කර තිබේ. 

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අත්අඩංගුවට ගැනීම, ආණ්ඩුවේ ආධාරකරුවන්ට එරෙහිව සිදු වූ ප්‍රචණ්ඩත්වය, මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිදු වූ මරණ, තුවාල ලැබීම්, හානි සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට සිදු වූ හානි යනාදිය සම්බන්ධයෙන් ද කෙටුම්පත මඟින් අවධානය යොමු කර තිබේ. 

මෙම පහරදීම් ඇතුළු සියලු ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාත්මක කළ යුතු බව ද කෙටුම්පත් කර තිබෙන මෙම යෝජනාව මඟින් අවධාරණය කර ඇත.

෴ හර්ෂණ තුෂාර සිල්වා

Classified_Ad

Classified_Ad_News_Bottom