පුටින්-මෝදි-ජින්පින් හමුවක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Sep 15, 2022

පුටින්-මෝදි-ජින්පින් හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර හමුවක් අද (15) සහ හෙට (16) දෙදින පැවැත්වෙයි. 

හමුව පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේය. උස්බෙක්සිතානය යනු මධ්‍යම ආසියාවට අයත් රාජ්‍යයක් වන අතර, චීනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ෂැංග්හායි’ ආර්ථික සහයෝගීතා සමුළුව මෙවර පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේ සමර්කාන්ද් නගරයේය. සමර්කාන්ද් නගරය අතීතයේ සේද මාවතට අයත් නගරයක් ද විය. 

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනට කිරීමෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, රුසියන් ජනාධිපති පුටින් සහ චීන ජනාධිපති ජින්පින් එකිනෙකා මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාව මෙයයි. 

මොවුන් එකිනෙකා හමුවනු ඇත්තේ සමුළුවට සමගාමීවය. ෂැංග්හායි සමුළුවට කසක්ස්තානය, කිර්ගිස්තානය, ටජිකිස්තානය සහ පාකිස්තානය ද සහභාගී වෙයි. 

2019 වසරේ ‘කොවිඩ් 19’ වසංගතය ආරම්භ වීමෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් විදේශීය සංචාරයක නියැළෙන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවන්නේ 2019 වසරේ පැවැති ‘බ්‍රික්ස්’ සමුළුවෙන් පසුවය. 

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom