විකෘතිය රුසියාවෙන් හමුවෙලා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jan 11, 2021

විකෘතිය රුසියාවෙන් හමුවෙලා

එංගලන්තයෙන් පළමු වරට හඳුනාගත්, ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘතිකරණයට ලක්වුණු ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයකු හඳුනා ගැනීමට හැකිවුණු බව රුසියාව කියයි.

මෙම ආසාදිතයා මහා බ්‍රිතාන්‍යයේ සිට රුසියාව බලා පැමිණි රුසියානුවෙකි. 

විකෘතිකරණයට ලක්වුණු ප්‍රභේදය, සාමාන්‍ය 'කොවිඩ් 19' වයිරසය මෙන් නොව, සම්ප්‍රේෂණය වීමේ වේගය ඉතා ඉක්මණින් සිදුවෙයි.

රුසියාව ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති එන්නත වන්නේ ‘ස්පුට්නික් 5’ ය. 

මෙම එන්නත මේ වනවිට රුසියානු වැසියන්ට ලබා දීම සිදුවෙමින් පවතී. 

ඒ, හදිසි තත්ත්වයක් සේ සලකමිණි.‘ස්පුට්නික් 5’ එන්නත නිපදවා ඇත්තේ රුසියාවේ ‘ගැමලේයා’ සමාගමය. 

ඒ, රුසියන් රජයේත් සෞඛ්‍ය අමත්‍යාංශයේන් එකමුතුවෙනි. ‘ස්පුට්නික් 5’ එන්නතට ‘කොවිඩ් 19’ වයිරසයේ නව ප්‍රභේදය අඩපණ කළ හැකි යැයි විශ්වාස කෙරේ.

අද වනවිට රුසියාවෙන් වාර්තා වන සමස්ත ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 3,401,654 කි. මරණ වාර්තා වන්නේ 61,837 ක් ලෙසය. 

(ඒ.එෆ්.පී.)

Classified_Ad

Classified_Ad_News_Bottom