හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ලෝක බලවතුන්ගේ උදහසට ලක් වී, සම්බාධකවලට යටවී සිටින උතුරු කොරියාව සෙමින් සෙමින් ලෝකය විවෘත වන බවක් දකින්න ලැබේ.
පසුගිය දා උතුරු කොරියා නායක කිම් ජොං උන්, එරට යොංග්යැංග් අගනුවරදී නව විදෙස් තානාපතිවරුන් 10 දෙනකු පෞද්ගලිකව පිළිගැනීමට කටයුතු කළේය.
දශක තුනකට වැඩි කාලයකට පසු උතුරු කොරියා නායකයකු මෙලෙස විදෙස් තානාපතිවරුන් පිළිගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට සෘජුවම සහභාගී වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක් බව පැවැසෙයි.
රුසියාව, ඉන්දුනීසියාව, ස්වීඩනය, වියට්නාමය, බ්‍රසීලය, චෙක් ජනරජය, ඉන්දියාව, පිලිපීනය, තායිලන්තය සහ බංග්ලාදේශය යන රටවල නියෝජිතයන් ඔවුන්ගේ අක්තපත්‍ර කිම් ජොං උන් වෙත භාර දුන් බව ද පැවැසෙයි.
ඡායාරූපවලට පෙනී සිටිමින් නව විදෙස් තානාපතිවරුන් අමතමින්, නායක කිම් ජොං උන් පැවැසුවේ, තම රට කිසිවිටෙකත් අධිපතිවාදයක් හෝ බලය ව්‍යාප්ත කිරීමක් අපේක්ෂා නොකරන බවය.
එමෙන්ම, උතුරු කොරියාව සිය යුද ශක්තිය වර්ධනය කර ගැනීම ජාතික ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවරක් බවද කිම් ජොං උන් පෙන්වා දුන්නේය.
Global South World ඇසුරිනි



