වැන් ගෝගේ තරු අහස - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Nov 13, 2026

වැන් ගෝගේ තරු අහස

ලෝ සුපතල චිත්‍ර ශිල්පී වින්සන්ට් වැන් ගෝගේ ලෝක ප්‍රකට, අසමසම 'ද ස්ටාරි නයිට්' (The Starry Night) නමැති චිත්‍රය පසුගිය දා ලොකු කතාබහකට ලක් විය. ඒ, වැන් ගෝ මෙම චිත්‍රය සිතුවම් කර ඇත්තේ මනඃකල්පිතයක් ලෙස නොව, සැබෑ රාත්‍රී අහසේ නිරීක්ෂණය කරමින්, ඔහුට දකින්න ලැබුණු තරු රටා අනුව යැයි විද්‍යාඥයන් කළ අනාවරණයත් සමගය. 

තරු රටා පිහිටීම් සම්බන්ධයෙන් අතීත වාර්තා පරිගණක ආධාරයෙන් අධ්‍යයනය කළ තාරකා විද්‍යාඥයන් පැහැදිලි කරන්නේ 1889 ජූලි 22 වැනිදා අලුයම් කාලයේ අහසේ පැවැති තාරකා පිහිටීම, වැන් ගෝගේ සුප්‍රසිද්ධ මෙම සිතුවමට පාදක වී ඇති බවය. 

ලුසිත ජයමාන්න 
Live Science ඇසුරිනි

Classified_Ad