ඇහැට ඇහැක්: 'සූර්යවංශි' - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 14, 2021

ඇහැට ඇහැක්: 'සූර්යවංශි'

බොලිවුඩයේ සදා ආදරණීය ක්‍රියාදාම නළු ආක්ශේ කුමාර්ගේ 'සූර්යවංශි' චිත්‍රපටය ගැන බොලිවුඩ් සිනමාලෝලීන්ගේ උනන්දුවක් ඇති වූයේ 'සිම්බා' චිත්‍රපටය අවසානයත් සමඟය. 

'සූර්යවංශි' චිත්‍රපටය, අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටිගේ තෙවැනි පොලිස් වීරයාගේ චිත්‍රපටයයි. පොලිස් වීරයන්ගේ චිත්‍රපට රෝහිත් ෂෙට්ටි ආරම්භ කළේ 'සිංග්හම්' චිත්‍රපටයෙන් අජේ දෙව්ගන් සමඟය. එහි දිගුවක් වූයේ රංවීර් සිං පොලිස් වීරයා ලෙස රංගනයේ යෙදුණු 'සිම්බා' චිත්‍රපටයයි. 
අජේ දෙව්ගන් රඟපෑ 'සිංග්හම්' චිත්‍රපට දෙකක් ඇති අතර පිළිවෙළින් ඒවා 2011 දීත් ඉන්පසු 2014 දීත් තිරගත විය. ඒ, සූර්යා රංගනයෙන් දායක වූ 'සිංග්හම්' චිත්‍රපට දෙමළ චිත්‍රපටයේ හින්දි ප්‍රතිනිර්මාණය ලෙසිනි.‍ 

රෝහිත් ෂෙට්ටිගේ තෙවැනි සහ නවතම පොලිස් වීරයා වන්නේ ආක්ෂේ කුමාර්ය. ආක්ෂේගේ 'සූර්යවංශි' චිත්‍රපටය තිරගතවීමට නියමිත වූයේ පසුගිය 2020 දීය. ඒත් කොරෝනා ඊට හරස් විය. 
දැන් එලැඹෙන අප්‍රේල් 30 වැනිදා ලොව පුරා සිනමාහල්වල 'සූර්යවංශි' චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ කරනු ඇතැයි රෝහිත් ෂෙට්ටි පමණක් නොව ආක්ෂේ කුමාර් ද ට්විටර් පණිවුඩ මගින් පවසා තිබේ. 

කොවිඩ් 19 වසංගතය හමුවේ ඉන්දියාවේ සිනමාහල් විවෘත වීම සිදුවන්නේ සෞඛ්‍ය උපදෙස් අනුව, නරඹන්නන් 50 දෙනකු පමණක් ඇතුළු කර ගනිමිනි. 
'සූර්යවංශි' චිත්‍රපටයේ, ආක්ෂේගේ පෙම්වතිය කත්‍රිනා කායිෆ් වන අතර, සිංග්හම් සහ සිම්බා ලෙස අජේ දේව්ගන් සහ රංවීර් සිං ද චිත්‍රපටයට එක් වෙති. 

කෙසේ නමුත් චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ, ආක්ශේගේ පොලිස් වීරයා වටා යැයි රෝහිත් ෂෙට්ටි ඉඟියක් දී තිබේ. 'සූර්යවංශි' චිත්‍රපටයට පාදක වන්නේ මුම්බායි නගරය සහ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලි සාමාජිකයන්ය. ප්‍රවීණ නළු ජැකී ෂෙරොෆ් ද චිත්‍රපටයට සම්බන්ධ වී සිටී.

එන්.ඩී.ටීවී

Classified_Ad

Classified_Ad_News_Bottom