වැඩියෙන්ම බලන වික්‍රමය: The Falcon and The Winter Soldier - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 28, 2021

වැඩියෙන්ම බලන වික්‍රමය: The Falcon and The Winter Soldier

මාවල් වීරයා අයර් මෑන් එසේත් නැතිනම් ටෝනි ස්ටාක්ගේ ජීවිත පරිත්‍යාගයත් සමඟ මාවල් සිනමා ලෝකය දෙදරා ගියේ යැයි කීවොත් නිවැරදිය. මාවල් වීරයන්ගේ, විශේෂයෙන් ඇවෙන්ජර්ස් වීරයන්ගේ අනාගතය කෙබඳු වේවිදැයි මාවල් ලෝලීන් ට ගැටලුවක් විය. 

'ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්' චිත්‍රපටයෙන් පසු, එළිදැක්වුණු පළමු මාවල් චිත්‍රපටය වූයේ 'ස්පයිඩර් මෑන් ෆා ‌ෆ්රොම් හෝම්' චිත්‍රපටයයි. 

ඉන්පසු තිරගතවීමට සූදානම් වූයේ ස්කාලට් ජොහැන්සන් 'බ්ලැක් විඩෝ' ලෙස චරිත නිරූපණය කරන 'බ්ලැක් විඩෝ' චිත්‍රපටයයි. අවාසනාවට කොරෝනා වසංගතය 'බ්ලැක් විඩෝ' තිරගතවීම්වලට බාධාවක් විය. කොරෝනා නිසා, 'බ්ලැක් විඩෝ' තිරගතවීම දිනෙන් දින පස්සට යයි.
'බ්ලැක් විඩෝ' චිත්‍රපටයට පාදක වන්නේ 'ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්' චිත්‍රපටයට පෙර සිදුවුණු සිදුවීම් පෙළක් වන අතර, ටෝනී ස්ටාක් සහ අයර්මෑන් ලෙස යළිත් වරක් රොබඩ් ඩවුනි ජූනියර්ගේ කෙටි රංගනයක් ද මෙම චිත්‍රපටයට ඇතුළත් වෙයි. 

මාවල් චිත්‍රාගාරයේ සභාපති කෙවින් ෆයිජීගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වූ 'මාවල් රූපවාහිනී ටෙලි කතා' එළිදැක්වීම ආරම්භ වූයේ ඔය අතරතුරේදීය. කොරෝනා වසංගතය හේතුවෙන් මාවල් ලෝලීන්ට මාවල් චිත්‍රපට අහිමි වෙද්දී, මේ වනවිට එම රූපවාහිනී ටෙලි කතා විකාශනය ආරම්භ වී තිබේ.  

ඒ අතරින් පළමු වැන්න වූයේ 'වොන්ඩා විෂන්' ය. විෂන්ගේ වියෝවෙන් කම්පනයටත් මානසික පීඩනයකටත් පත් වුණු වොන්ඩා ඇගේ දුක යටපත් කර ගනිමින්, ඇයට රිසි පරිදි යථාර්ථමය ලෝකයක් නිර්මාණය කිරීම වූ 'වොන්ඩා විෂන්' කතා මාලාවට පාදක වෙයි. හාස්‍යය පිරි 'සිට්කොම්' වැඩසටහන් පෙළක් ලෙස ආරම්භ වුණු 'වොන්ඩා විෂන්' අවසන් වූයේ මාවල් ලෝලීන් හැගීම්බර කරමිනි.
'වොන්ඩා විෂන්' නොසිතූ ලෙස ජනප්‍රිය වූයේ විචාරකයන්ගේ ද පැසැසුමට ලක් වෙමිනි. 'වොන්ඩා විෂන්' අවසන් වෙද්දී දැන් තවත් මාවල් ටෙලි කතා මාලාවක් විකාශය ආරම්භ කර තිබේ. 

ඒ 'ෆෝල්කන් ඇන්ඩ් ද වින්ටර් සොල්ජර්' ය. 

මෙය මාවල් චිත්‍රපටවලට හුරු උපහාසය ද කැටි වුණු ක්‍රියාදාම පිරි වික්‍රමයකි. මේ වනවිට වැඩි ම දෙනකු නරඹා ඇති ටෙලි කතාමාලාව බවට ද 'ෆෝල්කන් ඇන්ඩ් ද වින්ටර් සොල්ජර්' පත් වී අවසන්ය. 
කොටස් 6 කින් යුත් 'ෆෝල්කන් ඇන්ඩ් ද වින්ටර් සොල්ජර්' කතා මාලාවේ ප්‍රධාන චරිත වන්නේ විවිධාකාරයේ පෞද්ගලික ප්‍රශ්නවලට මුහුණ දෙන කැප්ටන් ඇමෙරිකාගේ සමීපතම මිතුරන් දෙදෙනා වන සෑම් (ෆෝල්කන්) සහ බකී (වින්ටර් සෝල්ජර්) එකමුතුවය. 
මොවුන් දෙදෙනාට සටන් කරන්න සිදුවන්නේ, ෆ්ලෑග් මෑෂර්ස් නමැති අන්තවාදී කල්ලිය සමඟය. 

 'ඇවෙන්ජර්ස් එන්ඩ්ගේම්' අවසන් වෙද්දී, ස්ටීව් රොජර්ස් (කැප්ටන් ඇමෙරිකා) සිය පලිහ සෑම් ට ලබා දෙන්නේ මීළඟ කැප්ටන් ඇමෙරිකා වීමට ඔහු සුදුසු බව කියමිනි. 

ඒත් කැප්ටන් ඇමෙරිකාට ඇති ආදරයත් ගෞරවයක් නිසා සෑම් ඊට එකඟ වන්නේ නැත. ඒ අනුව, මාවල් ලෝකයට අලුත් කැප්ටන් ඇමෙරිකා කෙනෙකු ලැබෙයි.

'ෆෝල්කන් ඇන්ඩ් ද වින්ටර් සොල්ජර්' දෙවැනි කතාවෙන් ඔහු කවුරුදැයි අනාවරණය වෙයි. කතාමාලවට අනුව නව කැප්ටන් ඇමෙරිකා වන්නේ ජෝන් වෝකර් නමැති සොල්දාදුවාය. 
මොහුගේ චරිතය නිරූපණය කරන්නේ වයට් රසල්ය. රංගනයට නවකයකු වන වයට් රසල්, හොලිවුඩයේ සදා ආදරය දිනූ කාර්ට් රසල්ගේ පුත්‍රයාය. 
තවත් දන්නා හඳුනන මාවල් චරිත වන ෂැරන් කාටර් (එමලි වැන් කැම්ප්) සහ 'කැප්ටන් ඇමෙරිකා සිවිල් වෝ' චිත්‍රපටයේ නපුරා වෙමින් බැරන් සීමෝගේ චරිතයට පණ පොවන ඩැනියෙල් බෲහල් ද මෙම කතා මාලාවට එක් වී සිටීම මාවල් ලෝලීන්ගේ අමන්දානන්දයට හේතුවක් වී ඇත. 

INVERSE

Classified_Ad

Classified_Ad_News_Bottom