1960 නොවැම්බර් 4 පළ වූ විද්‍යා ලිපියකට අනුව, 2026 නොවැම්බර් 13 වැනි සිකුරාදා ලෝකය අවසන් වන බවට පුරෝකතනය කර තිබුණි. භෞතික විද්‍යාඥ හයින්ස් වොන් ෆෝස්ටර් ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් ක්‍රි.පූ. 400 සිට 1958 දක්වා ලෝක ජනගහන වර්ධන වේගය අධ්‍යයනය කර සැකසූ ගණිතමය සූත්‍රයකට අනුව මෙම අනාවැකිය පළ කිරීම විශේෂත්වයකි.
ඔවුන්ගේ ගණනය කිරීම්වලට අනුව 2026 වන විට ලෝක ජනගහනය අනන්තය දක්වා ඉහළ ගොස්, ආහාර හිඟයකින් තොරවම මිනිසුන් එකිනෙකාට තෙරපී මියයෑමෙන් ලෝක විනාශය සිදුවීමට නියමිතව තිබුණි. 1911 නොවැම්බර් 13 වන දා උපන් වොන් ෆෝස්ටර්ගේ 115 වන උපන්දිනය යෙදෙන දිනය මෙලෙස ලෝක අවසානය සිදුවන දිනය ලෙස තෝරාගෙන තිබීම ද විශේෂත්වයකි.
ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි
