තෙවැනි රැල්ලේ ආර්ථික බලපෑම අඩුයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

May 20, 2021

තෙවැනි රැල්ලේ ආර්ථික බලපෑම අඩුයි

sample-ad-complete-big
RUW_0430
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ තෙවැනි රැල්ලෙන්, පළමු හා දෙවැනි රැලිවලින් ආර්ථිකයට එල්ල වූ බලපෑම තරම් තීව්‍ර වනු නැතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා අද (20) පැවැසීය. 

කෙසේ නමුත් දැන්ම ම ප්‍රබල නිගමනවලට එළැඹිය නොහැකි බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය. මේ වසරේ සිවුවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්විණි. 

එහිදි අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා මෙසේ ද කීය. 

“අපිට ප්‍රබල නිගමනවලට එන්න තවමත් කල් වැඩියි. ‘කොවිඩ්-19’ වසංගතයේ තෙවැනි රැල්ලෙන්, පළමු හා දෙවැනි රැල්ලෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම මෙන් තීව්‍ර හා තියුණු වන එකක් නැහැ කියලා අපි හිතනවා. එහෙම විශ්වාස කරන්න හේතු වන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. තුන්වැනි රැල්ලේදී වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවන්නේ තෝරාගත් ප්‍රදේශවලට පමණක් වීම පළමුවැන්න යි. දෙවැන්න එන්නත්කරණය යි. එන්නත්කරණය වේගවත් වන බවක් පෙනෙන්නට තිබෙනවා. තුන්වැන්න ගෙදර සිට වැඩ කිරීමයි. බොහෝ ආයතන මේ වනවිට ගෙදර සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරනවා. මේ නිසා තුන්වැන් රැල්ලේ ආර්ථික බලපෑම විශාල නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් ආර්ථික වර්ධන ක්‍රියාවලියට සහ රජයේ ආදායම්වලට මින් බලපෑමක් සිදුවෙනවා. එය අපි අපේක්ෂාවෙන් සිටින දෙයක්.”

Classified_Ad