එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Nov 29, 2021

එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට

අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට, උගන්ඩාවේ කම්පාලා අගනුවර පිහිටි, උගන්ඩාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද වන එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ චීනයේ ‘එක්සිම්' බැංකුව විසින් අත්පත් කරගනු ලැබ තිබේ. 

2015 වසරේ නොවැම්බරයේ උගන්ඩා රජය, ‘එක්සිම්' බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 207 ක ණයක් ලබා ගෙන ගුවන්තොටුපොළ පුළුල් කරමින් සංවර්ධනය කර ඇත. ලබා ගත් එම ණය ගෙවා දැමීට උගන්ඩා රජයට නොහැකි වූ බැවින්, එය බැංකුවට සින්න වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

එන්ටැබේ ගුවන්තොටුපළ පුළුල් කිරීම සඳහා උගන්ඩාවේ යොවේරි මුසවේනි ජනාධිපතිවරයාගේ රජය, වසර 7 ක සහන කාලයක් සහ වසර 20 කින් ගෙවා අවසන් කිරීමේ කොන්දේසිය මත මේ ණය මුදල ලබාගෙන ඇති බව ද පැවැසෙයි. කෙසේ නමුත් උගන්ඩාව දරුණු ලෙස ආර්ථික ඇද වැටී තිබේ. 

 ජනාධිපති මුසවේනිගේ රජයේ නියෝජිතයන් පිරිසක් චීන රජයේ බලධාරීන් සමග සාකච්ඡා කර ණය කොන්දේසි සංශෝධනය කරගැනීමට ගත් උත්සාහය ගෙන ඇති නමුත් එය අසාර්ථක වූ බව ද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ. ‘එක්සිම්’ බැංකුව මේ ණය කොන්දේසි වෙනස් කිරීමට එකඟ නොවිණි. 

ඒ අනුව, එන්ටැබේ ගුවන්තොටුපළ සහ එහි සියළු දේපොළ චීන බැංකුවට පැවැරීම සිදුවුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 1976 වසරේ පලස්තීන විමුක්තිකාමී සටන්කාමීන් කණ්ඩායමක්, ටෙල් අවීව් සිට පැරිස් නුවර බලා පියාසර කරන්න වූ ප්‍රංශ ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් පැහැර ගත්තේය. 

ඒ, මගීන් 248 දෙනකු සමඟය. පැහැරගත් යානය ඇතන්ස්, බෙන්ගාසි හරහා ගොස් ගොඩබෑම සිදුවූයේ එන්ටැබේ ගුවන්තොටුපොළටය. ඊශ්‍රායල හමුදාව ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට වික්‍රමාන්විත මෙහෙයුමක් සිදු කළේය. 'ඔපරේෂන් තන්ඩර්බෝල්ට්' යනු එම මෙහෙයුම හැඳින්වෙන නාමයයි. කම්පාලා නුවර එන්ටැබේ ගුවන්තොටුපොළ ලොව පුරා ප්‍රසිද්ධියට පත් වී ඇත්තේ ද 'තන්ඩර්බෝල්ට්' මෙහෙයුම නිසාය.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom