හොල්මන් කරදර කළේ නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Dec 14, 2021

හොල්මන් කරදර කළේ නෑ

තමන් අගමැති නිල නිවසේ පදිංචියට ගිය බවත්, තමන්ට කිසිදු හොල්මනක් බාධා නොකළ බවත්, රාත්‍රියේ හොඳින් නිදා ගත් බවත් ජපන් අග්‍රාමාත්‍ය ෆමියේ කිෂිදේ කියයි. 

අග්‍රාමාත්‍යවරයා මෙසේ කීවේ, අගමැති නිල නිවසේ ගත කළ පළමු රාත්‍රිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. ජපන් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉපැරණි මන්දිරයකි. 1936 දී ජපානයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය.
හොල්මන් ඇතැයි පැවැසෙන අග්‍රාමාත්‍ය නිල නිවස

හමුදා සොල්දාදුවෝ අගමැති නිල නිවසට කඩා වැදී එහි සිටි රජයේ නිලධාරීන් කිහිප දෙනකු මරා දැමූහ. එසේ මරා දැමුණු නිලධාරීන්, නිල නිවසේ හොල්මන් කරන බවට මතයක් පවතී. මේ හේතුව නිසා, කිෂිදේ ට පෙර අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ෂෙන්සෝ අබේ හෝ යොෂිදේ සූගා හෝ අගමැති නිල නිවසේ පදිංචියට ගියේ නැත. 

වසර නවයකට පසු අගමැති නිවසේ පදිංචියට ගිය අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන්නේ ෆමියේ කිෂිදේ ය. කිෂිදේ ට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ මීට මාස කීපයකට පෙරය. 'මට හොඳට නින්ද ගියා. හොල්මන් බාධා කළේ නැහැ.' යැයි කිෂිදේ මාධ්‍ය හමුවේ කියා සිටියේ, 'අගමැතිතුමා හොල්මන් දැක්කේ නැද්ද?' යැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සිනහ මුසුව පිළිතුරු දෙමිනි.

෴ උපුටා ගැනීම - NDTV

Classified_Ad

Classified_Ad_News_Bottom