ඉතාලියට නව අගමැතිවරයෙක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Feb 13, 2021

ඉතාලියට නව අගමැතිවරයෙක්

ඉතාලියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මාරියෝ ඩ්‍රාගී දිවුරුම් දුන්නේය.

මාරියෝ ඩ්‍රාගී, යුරෝපා මහ බැංකුවේ හිටපු සභාපතිවරයා වන අතර, ඔහු ඉතාලියේ කෘතහස්ථ දේශපාලනඥයෙකි. මාරියෝ ඩ්‍රාගී නව රජයක් පිහිටුවීමට හැකි වූයේ ඉතාලියේ සියලු දේශපාලන පක්ෂවල සහාය ලබා ගැනීමට හැකිවීමත් සමඟය.

තමන්ට ජාතික ඒකීය රජයක් පිහිටුවීමට තමන්ට හැකි බව මාරියෝ ඩ්‍රාගී ඉතාලි ජනාධිපති සර්ගියෝ මැටරෙල්ලා හමුවී දැනුම් දුන්නේ පසුගිය 13 වැනිදාය. ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊට හිමිවිය. 73 හැවිරිදි ඩ්‍රාගී අගමැති ධුරයේ දිවුරුම් දීම සිදුවූයේ ඒ අනුවය.

'කොවිඩ් 19' වයිරස වසංගතය හමුවේ අඩපණ වුණු ඉතාලි ආර්ථිකය ගොඩ ගැනීම නව අගමැති ලෙස මාරියෝ ඩ්‍රාගීගේ ප්‍රමුඛ කාර්යය වනු ඇත.

රොයිටර්

Classified_Ad

Classified_Ad_News_Bottom