‘මානෙල් මල’ පිළිබඳ දැනුවත් කරන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

May 22, 2022

‘මානෙල් මල’ පිළිබඳ දැනුවත් කරන්න

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බව බොහෝ පිරිසක් නොදන්නා හෙයින් ජාතික අධ්‍යාපන ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා අනෙකුත් අදාළ ආයතන මාර්ගයෙන් මෙන්ම පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් ජනතාව ඒ ගැන නිසි පරිදි දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) පරිසර අමාත්‍යාංශයට උපදෙස් දි තිබේ.

පරිසර අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ජාතික පුෂ්පය පිළිබඳව පාසැල්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන දැනුවත් කළද එය ප්‍රමාණවත් පරිදි සිදුවී නොමැති බවද කාරක සභාව නිරික්ෂණය කර ඇත අමාත්‍ය මණ්ඩල තීරණයක් අනූව ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘මානෙල් මල’ බවට ප්‍රකාශයට පත්කර ඇතත් අමාත්‍යාංශය යටතේ ඇති ආයතන මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමටද ප්‍රමාණවත් තරම් ප්‍රචාරණයක් ලබාදීමට අමාත්‍යාංශය අපොහොසත්වී ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ‘නිල් මානෙල්’ ලෙස බොහෝ අවස්ථාවල තවමත් භාවිතා වන බව කෝපා කාරක සභාව පවසයි. 

මේ කරුණු අන්තර්ගත වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා විසින් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ එම කාරක සභා පළමු වාර්තාවේය. කෝපා කාරක සභාව විසින් 2021.08.04 සිට 2021.11.19 දක්වා කාලයේදී කැඳවන ලද රාජ්‍ය ආයතන 7ක සහ එක් විශේෂ විගණන වාර්තාවක විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙම වාර්තාවට ඇතුළත් වෙයි.

Classified_Ad

Classified_Ad_News_Bottom