ජපානයේ AI පොලිස් නෝනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Aug 2, 2026

ජපානයේ AI පොලිස් නෝනා

ජපානයේ ඔසාකා ප්‍රාන්ත පොලිසිය, මාර්ගගත මූල්‍ය වංචා මර්දනය කිරීම සඳහා අයිකෝ (Aiko) නමැති කෘතිම බුද්ධි (AI) පොලිස් නිලධාරිනිය ජනතාවට හඳුන්වා දී ඇත. 

අයිකෝ සැබෑ පුද්ගලයකු නොවෙයි. ඇය යූටියුබ් ඔස්සේ පමණක් මහජනතාව අමතමින් අන්තර්ජාල වංචා පිළිබඳ දැනුවත් කිරීම් සිදු කරන ඩිජිටල් චරිතයකි. 

කෘතිම බුද්ධි (AI) පොලිස් ප්‍රධානියකු මේ අයුරින් ජනතාවට හදුන්වා දීමට හේතුව, මෑත කාලයේදී ජපානය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදු වුණු මූල්‍ය වංචා යැයි පැවැසෙයි. 

ඇමෙරිකානු ඩොලර් බිලියන 2 කට මුදලක් එම මූළ්‍ය වංචා හේතුවෙන් සොරා ගැනීම සිදුවිය. 

ලුසිත ජයමාන්න 
Daily Mail ඇසුරිනි

Classified_Ad