බුර්කාව-නිකාබය තහනම් කරන්න තීරණයක් නෑ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 16, 2021

බුර්කාව-නිකාබය තහනම් කරන්න තීරණයක් නෑ

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක් යැයි විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අද (16) පැවසීය. 

මේ සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ හා ඒ ගැන මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු වීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව කියා සිටීත විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා වැඩිදුරටත් සදහන් කරනුයේ එවැනි තහනමක් පැනවීම සඳහා රජය තීරණයක් ගෙන නොමැති බවත්, එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර, එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවත්ය. 

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ (PCoI) විමර්ෂණයන්ට අනුව, ජාතික ආරක්ෂක හේතුන් මත අවශ්‍ය වන පූර්වාරක්ෂාව, මෙම යෝජනාව සඳහා පදනම් වී තිබෙන බවද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී. 

රජය විසින් අදාළ සියලු පාර්වශ්වයන් සමඟ පුළුල් සංවාදයක් ආරම්භ කරනු ඇති අතර, අවශ්‍ය උපදේශන සිදු කරන බවද හෙතෙම කියා සිටී.

Classified_Ad

Classified_Ad_News_Bottom