පාප්තුමා බැග්ඩෑඩයේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Mar 6, 2021

පාප්තුමා බැග්ඩෑඩයේ

ඓතිහාසික ඉරාක සංචාරය ආරම්භ කරමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට පැමිණියේය.

වතිකානයේ සිට පාප්තුමන් රැගෙන ආ 'අලිටාලියා' විශේෂ ගුවන් යානයට ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණි. පාප්තුමන් වෙනුවෙන් ද විශේෂ ආරක්ෂාවක් ලබා දීම සිදුවෙයි. 

පාප්තුමන් සමඟ මාධ්‍යවේදීන් 75 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ද එම ගුවන් යානයෙන් බැග්ඩෑඩ් අගනුවරට පැමිණි බව වාර්තා වේ. 

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කඩීමි, ගුවන්තොටුපොළට ගොස් පාප්තුමන් පිළිගත්තේ මහත් හරසරිනි. පාප්තුමකු මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරාකයට පැමිණි පළමු අවස්ථාව මෙය වෙයි. 
යුද ගැටුම්, දේශපාලන හැලහැප්පීම්වලින් හෙම්බත්ව සිටින ඉරාක වැසියන්ට සාමය අවශ්‍ය බවත්, තමන් ඉරාකයට පැමිණියේ සාමයේ පණිවුඩය රැගෙන බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් පවසා ඇත. 

ඉරාක වැසියන් මේ වනවිට 'කොවිඩ් 19' කොරෝනා වසංගතයෙන් ද පීඩා විඳින බව පැවැසෙයි. 

ඉරාක මුස්ලිම් ප්‍රජාව හමුවීමටත්, මුස්ලිම් ආගමික නායකයන් හමුවී සාමය ගැනත් සහජීවනය ගැනත් ඔවුන් සමඟ සාකච්ඡා කිරීමටත් තමන් අපේක්ෂා කරන බව 84 හැවිරිදි පාප්තුමා අවධාරණය කර තිබේ. 

ෆ්‍රැන්සිස් පාප්තුමන්, 'ශිෂ්ටාචාරයේ ආරම්භය' ලෙස සැලකෙන ඉරාකයේ 'ඌර්' නගරයේ සංචාරය කිරීමට නියමිතය. 

'ඌර්' නගරය පිහිටා ඇත්තේ 'දී කාර්' පළාතේය. 'දී කාර්' ඇත්තේ බැග්ඩෑඩ් අගනුවර සිට කිලෝ මීටර් 3,000 ක් දුරිනි. ඈත අතීතයේ ඉරාකය හැඳින්වූයේ මෙසපොතේමියාව යනුවෙනි. 

වසර 6,000 කට පෙර, ලොව මුලින්ම ආරම්භ වූ ශිෂ්ටාචාරයක් ආරම්භ වූයේ 'ඌර්' නගරය කේන්ද්‍ර කොට ගනිමිනි. 'ඌර්' නගරය 'ටාල් අල් මුකයීර්' යනුවෙන් ද හැඳින්වෙයි. මෙය අද ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානයකි.

ඩේලිමේල් ඇසුරිනි

Classified_Ad

Classified_Ad_News_Bottom