ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල 10 මෙන්න - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 3, 2021

ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල 10 මෙන්න

වෙබෝමෙට්රික්ස් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල 10 ප්‍රසිද්ධියට පත් වී තිබේ. මෙම විශ්ව විද්‍යාල 10 ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ 2021 ජූලි මාසයට අදාලවය. 

ඒ අනුව ශ්‍රී ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස අංක එක ස්ථානයට පත් වී ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයයි. වාර්ෂිකව, සිදු කරන සමීක්ෂණ හරහා ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම සිදු කරන්නේ 'වෙබෝමෙට්රික්ස් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම' Webometrics University Ranking හරහාය.

'වෙබෝමෙට්රික්ස් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම' යනු ස්පාඤ්ඤයේ 'සයිබර්මෙට්රික්ස් ලැබ්' පර්යේෂණ සහ අධ්‍යයන ආයතනය විසින් සිදු කරනු ලබන සමීක්ෂණයකි. 

ස්පාඤ්ඤ අධ්‍යාපන අමත්‍යාංශය හා සම්බන්ධ 'සයිබර්මෙට්රික්ස් ලැබ්' ආයතනය ස්පාඤ්ඤයේ විශාලතම මහජන අධ්‍යයන ආයතනය ද වෙයි. යුරෝපයේ අංක එක ස්ථානයේ පිහිටා ඇති 'සයිබර්මෙට්රික්ස් ලැබ්' ආයතනය මුළු ලෝකයේම විශ්වාසය දිනූ පිළිගැනීමට ලක් වූ ආයතනයකි. 

2021 ජූලි මාසය වනවිට සිදු කළ ශ්‍රේණිගත කිරීම යටතේ මෙරට හොඳම විශ්ව විද්‍යාලය කොළඹ විශ්ව විද්‍යාලය වන අතර, දෙවැනි ස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයටත් තෙවැනි ස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයටත් හිමි වී තිබේ. සිවුවැනි ස්ථානයේ හිමිවී ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයි. 

ඉන්පසු පිළිවෙළින් මොරටුව විශ්ව විද්‍යාලය, කැලණිය විශ්ව විද්‍යාලය, යාපනය විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය සහ සබරගමු විශ්ව විද්‍යාලය 'වෙබෝමෙට්රික්ස් විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ' ලැයිස්තුවට ඇතුළත් වී තිබේ.

විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම කරන්නේ, ඒවායේ අධ්‍යාපන කටයුතු සිදුවන ආකාරය, විශ්ව විද්‍යාලයේ ඇති පහසුකම් ආදී විවිධ අංශ සැලකිල්ලට ගනිමින් ඒවාට ළකුණු ලබා දීමේ ක්‍රමවේදයක් යටතේ යැයි 'සයිබර්මෙට්රික්ස් ලැබ්' ආයතනය පවසා තිබේ. 

වෙබෝමෙට්රික්ස් සමස්ත විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුව, 2021 ජූලි මාසය වනවිට ලොව හොඳම විශ්ව විද්‍යාලය පහ ඇත්තේ ඇමෙරිකාවේය.

ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ අංක එක ස්ථානය හිමිවී ඇත්තේ ඇමෙරිකාවේ 'හාවඩ්' විශ්ව විද්‍යාලයටය. එම ලැයිස්තුවේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිවී ඇත්තේ 'ස්ටැන්ෆර්ඩ්' සහ 'මැසචුසෙට්' (MIT) විශ්ව විද්‍යාලය. 

වෙබෝමෙට්රික්ස් සමස්ත විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුව, කොළඹ විශ්ව විද්‍යාලය ඇත්තේ 1591 වැනි ස්ථානය වන අතර ආසියාවේ හොඳම විශ්ව විද්‍යාල ලැයිස්තුවේ 41 වැනි ස්ථානය ඊට හිමිවී තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom