සිරියානු ජනපති බිරිඳට චෝදනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 15, 2021

සිරියානු ජනපති බිරිඳට චෝදනා

සිරියාවේ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ යැයි, සිරියා ජනාධිපති බිරිඳ අස්මා අල් අසාද් ට එල්ල වී ඇත. මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කළ බව බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වුවහොත්, අස්මා ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අහිමි වනු ඇත. ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ යැයි අස්මාට චෝදනා කර ඇත්තේ ‘ගුවෙර්නිකා 37’ නමැති නීති සමාගමය. 

සිරියානු අර්බුද මැද සිදුවුණු මූලික මානව අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ විමර්ශන පවත්වන්නේ මෙම නීති සමාගමය. 

අස්මා අල් අසාද් උපත ලැබුවේ බ්‍රිතාන්‍යයේය. ඒ සිරියානු ජාතික යුවළකටය. ඇය උපන්නේත් හැදී වැඩුණේත් ලන්ඩන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. 

45 හැවිරිදි වියෙහි පසුවන අස්මා, පියයුරු පිළිකාවකින් ද පීඩා විදි තැනැත්තියකි. මේ වනවිට ජනාධිපති අසාද් මෙන්ම අස්මා ද ‘කොවිඩ් 19’ ආසාදිතයන් වී සිටිති. 

ඒ.එෆ්.පී.

Classified_Ad