වැලි කුණාටුවකින් බීජීං වැසේ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Mar 15, 2021

වැලි කුණාටුවකින් බීජීං වැසේ

මධ්‍යම මොංගෝලියාවේ සිට හමා ආ ප්‍රචණ්ඩ වැලි කුණාටුවකින්, චීනයේ බීජීං අගනුවර වැසී ගියේය. 

මොංගෝලියාවේ සිට චීනයට වැලි කුණාටු කඩා වැදීම, සාමාන්‍යයෙන් සිදුවෙයි. කෙසේ නමුත් අද (15) බීජීං අගනුවර වසාගත් වැලි කුණාටුව බිහිසුණු එකක් යැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. 

වැලි කුණාටුවත් සමඟ වාතය අපවිත්‍ර වූ බවත්, දූෂණය වී ඇති බවත් වාර්තා වේ. සුළි කුණාටුව බීජිං අගනුවර දෙසට හමා ආවේ, ගැන්ෂූ, ෂැංසී, හෙබෙයි යන පළාත් හරහාය. 

කුණාටුව හමා එන බව චීන කාලගුණ විද්‍යාඥයන් කල් තියා අනතුරු අගවා තිබුණේ, බීජීං වැසියන්ට නිවෙස් තුළ රැඳී සිටින්නැයි උපදෙස් දෙමිනි.

රොයිටර්

Classified_Ad