දෙවන මාත්‍රාව අද සිට - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 28, 2021

දෙවන මාත්‍රාව අද සිට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා  කොවිෂීල්ඩ්  එන්නතේ දෙවන මාත්‍රාව අද (28) සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. 

පළමුවෙන් එම මාත්‍රාව ලබා දෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළමු පෙළ සේවකයන්ටය. 

පළමු පෙළ සෞඛ්‍ය සේවකයන්ට ලබාදීමෙන් අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් අනුපිළිවෙල අනුව දෙවන මාත්‍රාව ලබාදීම සිදුකරන බවද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එන්නත ලක්ෂ තුන්හමාරක තොගයක් මේ වනවිට රට තුළ පවතින අතර එය මැයි මාසය අවසානය වන තෙක් ප්‍රමාණවත් වන බව ජයසුමන මහතා  පෙන්වා දී ඇත.

දෙවන එන්නත් මාත්‍රාව සඳහා අවශ්‍ය වන ඉතිරි එන්නත් තොග මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කර තිබේ.

Classified_Ad

Classified_Ad_News_Bottom