අද මහ සිකුරාදා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Stay Safe

Apr 2, 2021

අද මහ සිකුරාදා

sample-ad-complete-big
goodfriday
සහශ්‍ර දෙකකට පෙර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ දිනය ලොව පුරා කිතුනුවන් අද (2) අනුස්මරණය කරනු ලබයි. 

පාස්කු සමයේ අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේ කූටප්‍රාප්තිය එළඹෙන 40 වන දිනයේ උපවාසයෙන් සහ කැපකිරීම්වලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කන්ද මත සිදුකළ ජීවිත පූජාව මෙලෙස අනුස්මරණය කෙරේ. 

ඒ නිමිත්තෙන් වතිකානයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ අද සන්ධ්‍යාවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වෙයි. 

මහ සිකුරාදා දිනය ලෙස මෙලෙස සැමරෙන්නේ පාස්කු ඉරිදා දිනයට පෙර එළඹෙන සිකුරාදා දිනයයි.

Classified_Ad