සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් සමුගනී - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 29, 2021

සඳ ගමනට එක්වුණු මයිකල් කොලින්ස් සමුගනී


1969 වසරේ ඇපලෝ 11 සඳ ගමනට එක්වුණු නාසා ගගනගාමී මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. කොලින්ස් 90 හැවිරිදි වියෙහි පසුවිය. 

මයිකල් කොලින්ස් පසුගිය වසර කීපයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුයෙන් ප්‍රතිකර ලබමින් සිටියේය. 2019 දී සඳ ගමනට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ සැමරුමට කොලින්ස් සහභාගී විය. 

නීල් ආම්ස්ට්‍රෝං පළමු මිනිසා ලෙස සඳ මත පය තැබුවේ ඇපලෝ 11 මෙහෙයුමේදීය. නීල් ආම්ස්ට්‍රෝං සමඟ තවත් දෙදෙනකු එම චන්ද්‍ර මෛහයුමට එක්වුණු අතර මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රීන් ඔවුන් දෙදෙනාය. 

මයිකල් කොලින්ස් සහ බස් ඕල්ඩ්‍රීන් ඊගල් චන්ද්‍ර යානයේ නැගී සඳට ගොස් ආපසු එනතුරු සඳුගේ කක්ෂයට වී මවු යානයේ රැදී සිටියේ මයිකල් කොලින්ස්ය. 

සඳ ගමනට එක් වී, සඳට යෑමට නොහැකි වුණු මිනිසා ලෙස ද කොලින්ස් සැලකෙයි. 

නීල් ආම්ස්ට්‍රෝං දිවියෙන් සමුගත්තේ 2012 වසරේදීය. දැන් ඉතිරිව සිටින්නේ බස් ඕල්ඩ්‍රීන් පමණි. ඕල්ඩ්‍රීන්ගේ වයස අවුරුදු 91 කි. 

BBC

Classified_Ad

Classified_Ad_News_Bottom