මුරලිදරන්ට හෘදයාබාධයක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 19, 2021

මුරලිදරන්ට හෘදයාබාධයක්

හෘදයාබාධයක් හේතුවෙන් මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කර තිබේ. මුරලිදරන් හෘදයාබාධයට මුහුණ දුන්නේ ඊයේ (18) උදෑසනය. 

මුරලිදරන්ගේ 49 වැනි උපන් දිනය පෙරේදා (17) යෙදී තිබුණි. 

හෘදයාබාධයට ලක් වෙද්දී, මුරලිදරන් ඉන්දියානු ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලියට සහභාගී වෙමින් සිටියේය. ඒ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පුහුණුකරුවකු ලෙසය. 

 රෝහල්ගත කළ මුරලිදරන් ට අවශ්‍ය සියලු ප්‍රතිකාර ලබා දීම සිදුවුණු බවත් ඔහු ඇන්ජියෝප්ලාස්ටි සැත්කමකට ද යොමු කළ බවත් චෙන්නායි නුවරින් වාර්තා වේ. 

ඊයේ උදෑසන මුරලිදරන් හෘදයාබාධයකට ලක්වුණු බවත් ඔහු කඩිනමින් රෝහල්ගත කළ බවත් මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් බවත් සන්රයිසස් හයිද්‍රාබාද් හි ප්‍රධාන විධායක නිලධාරී කේ ෂන්මුගම් මාධ්‍ය හමුවේ පවසා තිබේ. 

ස්පෝට්ස් ස්ටාර්

Classified_Ad

Classified_Ad_News_Bottom