දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Apr 3, 2021

දෙවැනි තරගය ජය පරාජයෙන් තොරව අවසන්




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. 

තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව ඔවුන් පළමු ඉනිම සඳහා ලකුණු 354 ක් රැස් කළේය.

ඊට පිළිතුරු දෙමින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට, පළමු ඉනිම සඳහා ලබාගත හැකි වුයේ ලකුණු 258 කි.  
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 280 ක් ලබා සිටියදී දෙවැනි ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නේය. 

ලකුණු 377ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගයේ අවසන් දිනය නිමා වනවිට ලබාගත හැකි වුයේ කඩුලු 2 ක් දැවී ලකුණූ 193 ක් පමණකි. 

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු ලකුණු 66 ක් රැස් කළේය. දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු 75 කි.

ESPN

Classified_Ad

Classified_Ad_News_Bottom