

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්, නවසීලන්තයට පැමිණියේය. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ගෙන් ඔහුට උණුසුම් පිළිගැනීමක් හිමිවිය. කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු නවසීලන්ත ඕස්ට්‍රේලියා රාජ්‍ය නායකයන් දෙදෙනා මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
රාජ්‍ය නායකයන් දෙදෙනා හමුවී සාකච්ඡා පැවැත්වූයේ ක්වීන්ස්ටවුන් නුවරදීය. මෞරි ආගන්තුක සත්කාර අනුව, නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පිළිගැනීමට ඕස්ට්‍රේලියා අගමැති කටයුතු කළේය. ඒ නාසයට නාසය ස්පර්ශ කරමිණි. එය අගමැතිනියගේ සතුටට හේතුවක් විය. මෞරිවරුන් යනු නවසීලන්ත ආදිවාසීන්ය.
කොරෝනා වසංතය හේතුවෙන් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ දේශසීමා විදේශිකයන්ට වසා දමා ඇත. කෙසේ නමුත් මීට මාස කීපයකට පෙර, විශේෂ සංචාරක බුබුළු ක්‍රමයක් හඳුන්වා දෙමින් නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අතරේ පමණක් ගුවන් සිදුවිය. කෙසේ නමුත් ඊට ද වයිරස වසංගතය බාධාවක් විය.
අද වනවිට ලොව ඉතාමත් සාර්ථක අන්දමින් වයිරස ව්‍යාප්තිය පාලනය කළ රටක් ලෙස සැලකෙන්නේ නවසීලන්තයයි. කොරොනා වසංගතය, රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ ප්‍රධාන මාතෘකාව විය. චීනයෙන් එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි.
නවසීලන්තයත් ඕස්ට්‍රේලියාවත් කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථික ගැටලු රැසකට මුහුණ පා සිටී.
නවසීලන්ත රාජ්‍ය සේවයට වැටුප් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට එරට රජය පියවර ගෙන ඇත. ඒ අනුව නවසීලන්ත ඩොලර් 100,000කට වැටුපක් ලබාගන්නා රාජ්‍ය සේවකයන්ට ඉදිරි වසර තුනක කාලයේ දී කිසිදු වැටුප් වැඩිවීමක් සිදු නොවන අතර නවසීලන්ත ඩොලර් 60,000ක් හෝ ඊට වැඩි වැටුපක් ලබන රාජ්‍ය සේවකයන්ට අති විශේෂ තත්ත්ව හෝ සුවිශේෂී කරුණුවලට පමණක් අදාළව වැටුප් වැඩි කෙරෙන බව ද නවසීලන්ත රජය සඳහන් කරයි.
‘කොවිඩ්-19’ වසංගත තත්ත්වය හේතුවෙන් වැටුප් වැඩි කිරීමක් හෝ අවම වැටුප් වැඩිවීමක් ලබාගන්නා ලෙස නවසීලන්ත රජය පසුගිය වසරේදී එරට රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ නමුත් වැටුප් ප්‍රතිසංස්කරණ ද ඇතුළුව නවසීලන්ත රාජ්‍ය සේවයට හඳුන්වා දී තිබෙන වෙනස්කම් එරට රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම මහජනතාවගේ ද විරෝධයට හේතු වී තිබේ.
‘කොවිඩ්-19’ වසංගත තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් ඇති වූ ණය තත්ත්වය අඩු කරගැනීම සඳහා මෙම වැටුප් වැඩි කිරීම් අත්හිටුවීමේ තීරණය ගෙන ඇති බව ද නවසීලන්ත රජය සඳහන් කරයි.
මෙම වැටුප් වැඩි වීම් අත්හිටුවීම නවසීලන්තය ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආරක්ෂා කරගැනීම සඳහා වසරක් වෙහෙස නොබලා සේවය කළ රාජ්‍ය සේවකයන්ට දඬුවම් දීමක් යැයි නවසීලන්තයේ ආණ්ඩුව විවේචනය කරමින් එරට රාජ්‍ය සේවකයන්ගේ සංගමය සඳහන් කළේය.
NZ Herald