අගමැති ඉම්රාන්ට චෝදනා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 19, 2021

අගමැති ඉම්රාන්ට චෝදනා

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රාජ්‍ය ආයතන අවභාවිත කරන බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වී ඇත.එරට විපක්ෂය නායක ෂෙබාස් ෂරීෆ් සහ විපක්ෂ ක්‍රියාකාරීත්වයට එරෙහිව අග්‍රාමාත්‍යවරයා මෙලෙස රාජ්‍ය ආයතන භාවිත කරන බව විපක්ෂය චෝදනා කරයි. 

පාකිස්තාන මුස්ලිම් ලීගය - නවාස් (පී.එම්.එල්.- එන්) පක්ෂයේ ප්‍රකාශිකා මරියම් ඔව්රන්ග්සෙබ් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයාට මෙම චෝදනා කළාය. “අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉච්ඡාභංගත්වයට පත්වෙලා. ඔහු බලාපොරොත්තු විරහිත වෙලා. ඒ නිසා ඔහු අසාධාරණ ලෙස විපක්ෂය මර්දනය කරන්න රාජ්‍ය ආයතන භාවිත කරනවා. ඔහු ලැජ්ජා විරහිත ලෙස විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ්ට එරෙහිව රාජ්‍ය ආයතන අවභාවිත කරනවා” යැයි ඇය සඳහන් කළාය.

“ඉම්රාන් ඛාන් සීනි ආනයනයට ඉඩ දීමෙන් බිලියන ගණනාවක වංචාවකට ඉඩ දී තිබෙනවා. රුපියල් බිලියන 450කට අධික සොරකමක් සිදු වී තිබෙනවා. සීනිවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිහින්. ඉම්රාන් ඛාන්ගේ තීන්දුව නිසා සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 52 සිට රුපියල් 120ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ සියලු සිදුවීම් මධ්‍යයේ ෂෙබාස් ෂරීෆ් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරලා. ඉම්රාන් ඛාන් තමන්ව ආරක්ෂා කරගැනීමේ වෑයමක නිරත වී සිටිනවා. ඒ අතරවාරයේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම සඳහා ඔහුගේ බලය අයුතු ලෙස භාවිත කරනවා” මරියම් පවසා ඇත.

෴ හර්ෂණ තුෂාර සිල්වා 
     ඒ.එන්.අයි

Classified_Ad

Classified_Ad_News_Bottom