ලොව ලොකුම පවුල්කාරයා මියයයි - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 15, 2021

ලොව ලොකුම පවුල්කාරයා මියයයි

බිරියන් 38 යි: දරුවෝ 89 යි මුණුපුරු මිණිපිරියෝ 36 යි 

ලොව විශාලතම පවුල හිමි තැනැත්තා ලෙස ගිනස් වාර්තා අතරට ද එක් වී සිටි ඉන්දීය ජාතික සියෝනා චානා නමැත්තා අභාවප්‍රාප්තව විය. 

අභාවප්‍රාප්ත වන විට ඔහුගේ වයස අවුරුදු 76 ක් බවත්, ඔහුට බිරියන් 38 දෙනකුත්, දරුවන් 89 දෙනතකුත් මුණුපුරු මිණිපිරියන් 36 දෙනකුත් සිටින බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

සියෝනා චානා, ආගමික නිකායක ප්‍රධානියකු වන අතර, එම නිකායට අනුව, බහු විවාහ සඳහා අවසර ලැබේ. එම ආගමික නිකාය පිහිටුවා ඇත්තේ චන්නගේ පියා ය. ඒ, 1942 දීය. 

සියෝනා චානා ජීවත් වූයේ ඉන්දියවේ මිසරෝමා ප්‍රාන්තයේ ගම්මානයකය. 'ලෝකයේ ලොකුම පවුලට හිමිකම් කී සියොනා වෙනුවෙන් මිසරෝමා ප්‍රාන්තය සොව පළ කරනවා' යනුවෙන් මිසරෝමා ප්‍රාන්ත මහ ඇමැති සොරමතන්ගා ට්විටර් පණිවුඩයක් මගින් සොව පළ කර තිබේ. 

සියෝනා චන්නගේ අභාවය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා අපූරු අදහස් පළ වී ඇත. එක් අයකු උපහාසයෙන් යුතුව පෝස්ටුවක් පළ කරමින් පවසා ඇත්තේ බිරියන් 38 සහ දරුවන් 89 දෙනකු සමඟ සියෝනා චානා අවුරුදු 76 ක් ආයු වැලඳීම පවා ගිනස් වාර්තාවක් කියාය.

අල් ජසීරා

Classified_Ad

Classified_Ad_News_Bottom