වික්ටෝරියා ප්‍රාන්තය තවදුරටත් ලොක්ඩවුන් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 3, 2021

වික්ටෝරියා ප්‍රාන්තය තවදුරටත් ලොක්ඩවුන්

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පනවා ඇති 'ලොක්ඩවුන්' තහංචි, තවත් සතියක කාලයක් තෙක් දීර්ග කිරීමට, ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. ඒ අනුව, ලබන ජූනි 10 වැනිදා තෙක් ප්‍රාන්තය තව දුරටත් වසා තැබනෙු ඇත. 

"අප සෞඛ්‍ය උපදෙස් අනුව මේ විදියට ලොක්ඩවුන් නොකළොත් වයිරස ව්‍යාප්තිය පාලනය කළ නොහැකි වේවි. ජනතාව මියයාවි." යැයි ලොක්ඩවුන් තහංචි තව දුරටත් දීර්ග කරන බව මාධ්‍ය හමුවේ පවසමින් ප්‍රාන්ත ආණ්ඩුකාර ජේම්ස් මර්ලිනෝ පෙන්වා දුන්නේය. 

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලම ජනගහනයක් සහිත ප්‍රාන්තය වන්නේ මෙම වික්ටෝරියා ප්‍රාන්තයයි. වික්ටෝරියා ප්‍රාන්තයේ නව ආසාදිතයන් අතරේ පැතිර යන නව ප්‍රභේදය බී.1617.1 ය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම බී.1617.1 ප්‍රභේදය හඳුන්වන නාමය වන්නේ 'කප්පා'ය. ඒ, ග්‍රීක අකුරු භාවිතයට ගනිමින් විකෘති වයිරස ප්‍රභේද නම් කිරීමට ගත් තීරණයෙන් පසුවය. 

බී.1617.1 යනු ඉන්දියාවෙන් පළමු වරට සොයා ගත් වයිරස විකෘතියයි. ඉන්දියාවෙන් සොයාගත් අනෙක් වයිරස විකෘතිට බී.1617.1 හැඳින්වීමට භාවිත කරන නම වන්නේ 'ඩෙල්ටා' ය. වික්ටෝරියා ප්‍රාන්තය පළමුවෙන් වසා දැමුණේ පසුගිය මැයි 27 වැනිදාය. ඒ මාස තුනකට පසුව එක් ආසාදිතයෙක් හමුවුණු බැවිනි. 

එම එක් ආසාදිතයා නිසා මේ වනවිට ආසාදිතයන් 60 දෙනකුගෙන් සමන්විත පොකුරක් නිර්මාණය වී අවසන් බව පැවැසෙයි. 

ලොක්ඩවුන් තහංචි පැනවීමත් සමගම ප්‍රාන්තයේ අග නගරය වන මෙල්බර්න් නගරයේ වැසියන් නිවෙස්වලම රැඳී සිටිය යුතු වෙයි. නිවෙස්වලින් බැහැරට යා හැක්කේ අත්‍යවශ්‍ය සේවා සැපයීමට, වෙළෙඳසැලට, ව්‍යායාම සඳහා හෝ කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා පමණක් බව ද පැවැසෙයි.

AFP

Classified_Ad

Classified_Ad_News_Bottom