මාපියන් අහිමි දරුවන් රැක බලා ගන්නවා - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Jun 3, 2021

මාපියන් අහිමි දරුවන් රැක බලා ගන්නවා

'කොවිඩ් 19 ' හෙවත් නව කොරෝනා වයිරසයට බිලි වී, මාපියන් අහිමි වුණු දරුවන් රැක බලා ගැනීමේ තම වගකීම යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය අවධාරණය කර තිබේ. 

මාපිය සෙනෙහස සහ රැකවරණය අහිමි එම දරුවන්ට නොමිලේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය රක්ෂණ ලබා දීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය පවසයි. 

එක් දරුවකු වෙනුවෙන් ඉන්දීය රුපියල් මිලියනයක් වෙන් කර ඇති බවත්, අවුරුදු 18 පිරෙද්දී, දරුවන්ට එම මුදල ලබා දීමට කටයුතු කරන බවත් රජය පවසා ඇත. මුදල් වෙන් කිරීම සිදුවන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය අරමුදලිනි. 

මාපියන් අහිමි දරුවන් රජයේ සෞඛ්‍ය රක්ෂණ වැඩසටහනට ඇතුළත් කෙරෙන අතර, ඒ සඳහා වාරික ගෙවීම් සිදු කරනු ලබන්නේ ද අග්‍රාමාත්‍ය අරමුදලිනි. දරුවන්ගේ පාසල් ගාස්තු, නිල ඇඳුම්, පොත් පත් සඳහා ද ලබා දීම අරමුලින් සිදුවෙයි. 

අවුරුදු 18 පසු කළ පසු මාසික දීමනාවක් ලෙසත් අවුරුදු 23 පසු කළ පසු සියලු මුදල් එකවර ලබා දීමටත් මෝදි පරිපාලනය කටයුතු සූදානම් කර ඇත. බිලියන 1.3 ක් වන ඉන්දීය ජනගහනයෙන්, සියයට 27 ක් අවුරුදු 14 ට අඩුය. කොරෝනා වසංගතය හේතුවෙන් මාපියන් අහිමිවුණු දරුවන් ගණන 3,50,000 ක් සිටින බව වාර්තා වේ.

Bloomberg

Classified_Ad

Classified_Ad_News_Bottom