රන් පදක්කම දිනූ කෙලි පොඩ්ඩ - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Jul 26, 2021

රන් පදක්කම දිනූ කෙලි පොඩ්ඩ

කාන්තා ස්කේට්බෝඩ් තරගයෙන්, රන් පදක්කම දිනා ගැනීමට 13 හැවිරිදි ක්‍රීඩිකා මොමිජි නිෂියා සමත් වූවාය. ඔලිම්පික් රන් පදක්කමක් දිනූ ළාබාලතම ජපන් ක්‍රීඩිකාව වන්නේ ද නිෂියා ය. 

කාන්තා ස්කේට්බෝඩ් තරගයෙන් දෙවැනි සහ තෙවැනි ස්ථානයට පත් වෙමින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ ක්‍රීඩිකාවෝ දෙදෙනා අවුරුදු 13 ත් 16 ත් වයස්වල පසුවෙති. 

ලෝකඩ පදක්කම දිනා ගත්තේ ද ජපාන ක්‍රීඩිකාවය. ඇය ෆූනා නකායාමාය. රිදී පදක්කම හිමිවූයේ බ්‍රසීල ක්‍රීඩිකා රයාසා ලීල්ටය. ස්කේට්බෝඩ් පිරිමි ඉසවුවෙන් ද රිදී පදක්කම හිමිවූයේ බ්‍රසීලයටය. 

ස්කේට්බෝඩ් තරගයෙන් අපූරු දස්කම් රැසක් පෙන්වීමට මොමිජි නිෂියා සමත් වූ අතර, රන් පදක්කම හිමිවෙද්දී ඇය සතුටු කඳුළු හෙලුවාය. එය තමාගේ ජීවිතේ ප්‍රීතිමත්ම මොහොත යැයි නිෂියා අදහස් දක්වමින් පැවැසුවාය. 

෴  උපුටා ගැනීම - අල් ජසීරා

Classified_Ad