කෙන්යාවෙන් සිලින්ජර් මිලියන දෙකක් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Classified_Ad_News_Top

Aug 26, 2021

කෙන්යාවෙන් සිලින්ජර් මිලියන දෙකක්

ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සිදු කෙරෙන කඩිනම් එන්නත්කරණ වැඩපිළිවෙළට කෙන්යාවේ පිහිටි රෙවිටල් හෙල්ත්කෙයාර් ලිමිටඩ් වෙතින් අනුවුම් කළ සිලින්ජර් මිලියන 2 ක මුල් තොගයක් දිවයිනට යැවූ බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී. 

එම සිලින්ජර් තොගයෙන් සිරින්ජ 800,000 ක් පළමු කොටස ලෙස කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙයි කනනාදන් මහතා විසින් භාරගත් අතර ඉකුත් 13 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් දිවයිනට එවූ බවද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය කියා සිටි.

රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම සිලින්ජර් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිති හා කොන්දේසිවලට අනුකූල උසස් තත්ත්වයේ ඒවා ලෙසද සැලකෙන බව එම මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි.

නයිරෝබි ගුවන් තොටුපලේ දී පැවති කෙටි උත්සවයක දී කෙන්යාවේ රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොනික් වෝරා මහතා, කෙන්යාවේ බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කොට මෙම සිරින්ජ තොගය කඩිනමින් යැවීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව මහ කොමසාරිස් කනනාදන් මැතිතුමාට ස්තූති කළේය. 

 ඉතිරි සිරින්ජ තොගය ලබන සතියේ දී ලංකාවට එවන බවද කෙන්යාවේ ශ්‍රි ලංකා මහකාමසාරිස් කාර්යාලය කියා සිටි. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන එන්නත් කිරීමේ වැඩසටහනට සහාය වීම සඳහා කෙන්යාවේ නිෂ්පාදනය කරන ලද කොවිඩ්-19 අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාවට එවන ලද පළමු අවස්ථාව මෙයයි.

කෙන්යාවේ රෙවිටල් හෙල්ත්කෙයාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොනික් වෝරා මහතා විසින් අදාළ සිලින්ජර් තොගය කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලෙයි කනනාදන් මහතා වෙත බාර දුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.

Classified_Ad

Classified_Ad_News_Bottom