ශ්‍රී ලංකාවට පැසැසුම් - මවිත : Mawitha.com : All the latest Sri Lanka and world breaking news and current affairs in Sinhala

Hot

Stay Safe

Katayam.com

Aug 11, 2021

ශ්‍රී ලංකාවට පැසැසුම්

ශ්‍රී ලංකාව සමස්ත ජනගහනයෙන් සියයට 10ක් එන්නත් කිරීමට දක්නට ලැබීම සතුටට කරුණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ගේබ්‍රියේසස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.

ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට එන්නත්කරණය වැඩසටහනේ ඉලක්කයක් තබා ඇති බවත් මේ වනවිට ජනගහනයෙන් සියයට 10ක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කිරීමට එම ඉලක්කයට ගමන් කිරීමේ මාවතට පිවිසීමක් බවත් හෙතෙම සඳහන් කර ඇත.

වයිරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති මහජන සෞඛ්‍ය සහ සමාජ ක්‍රියාමාර්ගවලටත් නිරන්තරයෙන් අවධානය සිටීම සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ස්තූතිවන්ත වන බව ද ඔහු පවසා ඇත. 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ට්විටර් පණිවුඩය ස්තූතිය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත. 

ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම ප්‍රතිශක්තිකරණය තහවුරු කිරීමට කැප වී සිටින බවත් සියලු දෙනා එක්ව විජයග්‍රාහීව නැගි සිටිය යුතු බවත් හෙතෙම සඳහන් කර ඇත.

෴ හර්ෂණ තුෂාර සිල්වා

No comments:

Post a Comment

Stay Safe

Stay_Safe Free_Ad